වකුගඩු රෝග නිවාරණයට ජනාධිපති ලේකම් කාර්යාලයක්

Published in පුවත්
Wednesday, 18 February 2015 08:33

උතුරු මැද පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ එක් කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර අැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේ මේ කාර්යාලය ක්‍රියාත්මක කෙරේ.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, ප්‍රතිකාර ලබාදීම, රෝග නිවාරණය යනාදිය පදනම් කර ගනිමින් මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය, අධ්‍යාපන, පරිසර ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, අවදානමට ලක්ව ඇති රෝගීන් ඉන් මුදා ගැනීම, වකුගඩු අක්‍රීයව පවතින රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වඩාත් සක්‍රීය කිරීම මේ වැඩපිළිවෙළෙහි අරමුණවේ

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.

මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ලෝකයේ ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත්ව ඇති බවත් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ කැමැත්ත මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළ කර ඇති බවත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවැසුවේය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us