අමාත්‍යංශයට එන්නේ නෑ - ඇමති රජිව්

Published in පුවත්
Wednesday, 18 February 2015 09:59

උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින්ට අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් තීරණ ගනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය වීම ඊට හේතුව ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ඔහු පවසා සිටියේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වන මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කළේ තම ධුරයේ කටයුතු කිරීමට නොහැකි වාතාවරණයක් උදාවී ඇති බවයි.

එබැවින් දින 5 ක් ඇතුළත ගැටලූවලට විසදුම් ලබානොදුන හොත් ධුරයෙන් ඉවත් වන බව රජිව් විජේසිංහ මහතා එමගින් දක්වා තිබිණ.

එම කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බැවින් අද සිට තමන් අමාත්‍යාංශයට නොයන බව ඒ මහතා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us