මධ්‍යධරණී මුහුදේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයන් 300ක් අතුරුදන්

Published in විදෙස්
Friday, 20 February 2015 10:10

අප්‍රිකාවේ සිට යුරෝපය බලා පැමිණන සංක්‍රමණිකයන් රැගත් ඩිංගි බෝට්ටු කීපයක් පෙරේදා මධ්‍යධරණී මුහුදේදී පෙරලීමෙන් ඒවායේ ගමන් ගත් 300 ක් පමණ මියෙන්නට ඇතැයි බිය පළව තිබේ. මේ බෝට්ටුවල පමණට වැඩි මගී සංඛ්‍යාවක් ගමන් කර ඇත.

මේ සංක්‍රමණිකයන් ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ උප සහරානු කලාපයෙන් පැමිණයවුන්ය. ඔවුන් ‍ලිබියානු වෙරළින් මේ බෝට්ටුවලට ගොඩවී ඇත. බෝට්ටු 4 ක මේ පිරිස ගමන්කර තිබේ.

මෙය විශාල ඛේදවාචකයක් බවත් මෙවන් සංක්‍රමණිකයන් මුහුදේදී ජීවිතක්ෂයට පත්වීමේ අවදානම තවදුරටත් පවතිනු ඇති බවත් එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් යුරෝපා අධ්‍යක්ෂ වින්සන්ට් කොචෙටල් ප්‍රකාශ කර තිබේ.

මීට කළින් අවස්ථාවක 200 ක පමණ පිරිසක් රැගත් බෝට්ටු දෙකක් පෙරලීමෙන් පසු පණ බේරාගත් 9 දෙනකු මුදාගත් වෙරළා රක්ෂකයින් ඔවුන් ඉතාලි ලැම්පෙඩුසා දූපත වෙත ගෙනැවිත් තිබිණ.

 

(dinamina)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us