යුක්‍රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ මෙම තීරණය දැනුම් දී ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සලයේ හදිසි රැස්වීමකින් අනතුරුවයි. සටන් විරාම කාලය තුළ නැගෙනහිර යුක්‍රේනයේ පැවැති දරුණු ගැටුම්වලින් අනතුරුව යුක්‍රේන රජයේ හමුදාව නගරයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.
පවතින තත්වය හමුවේ යුක්‍රේනයේ ජාතික ආරක්ෂක කවුන්සලය හදිසියේ රැස්වූ අතර ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව කැඳවීමට එහිදී යෝජනා කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යෝජනාවට ජාතික ආරක්ෂක කවුන්සලයේ අනුමැතිය හිමිවූ බවයි .