තලේබානුවන් සාම කතාවලට සැරසෙයි

Published in විදෙස්
Saturday, 21 February 2015 10:11

ඇෆ්ගනිස්ථාන තලේබාන් සටන්කාමීන් සාම සාකච්ඡා සඳහා සූදානම් බවට පාකිස්තාන හමුදා ඉඟි කොට ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.

පසුගිය වසරේ එක්සත් ජනපද හමුදා ප්‍රමුඛ විදේශ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසු දසකයක යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයේදී මේ සාකච්ඡා පැවැත් වීම මූලික සන්ධිස්ථානයක් සේ සලකන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර තලේබාන් නායකත්වය සාම සාකච්ඡා පැවැත් වීමේ අභිලාෂයෙන් පසුවන බවට පලව ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඇෆ්ගන් තලේබාන් ප්‍රකාශක සබියුල්ලා මුජාහිද් පවසා ඇත. ඔහු පවසන්නේ අමෙරිකාව සමඟ මිස ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡාවට ඔවුන් කිසිසේත් සූදානම් නැති බවය.

මේ අතර චීනයේ සහාය මැද දෙපාර්ශ්වය අතර සාකච්ඡා චීනයේ බීජිං නුවර පැවැත් වීමේ අදහසක් ඇෆ්ගන් ජනාධිපතිවරයාගෙන් ඉදිරිපත්ව තිබේ. සාම සාකච්ඡා පවත්වන්නේ නම් ජනතාවට නොසඟවා විනිවිදභාවයෙන් යුතුව ඒවා පවත්වන බවද ඔහු පවසා තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us