ශ්‍රිලනීපය මහ මැතිවරණයට තනියම. පසුව සර්වපාක්ෂික අණ්ඩුවකට

Published in පුවත්
Saturday, 21 February 2015 12:48

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශක්තිමත් තනි පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව හා අනතුරුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා පක්ෂයේ අගමැති අපේක්ෂකයා නම් කිරීම හා පක්ෂ අභ්‍යන්තරයේ මතු වී ඇති එවැනි මතවාද නිරාකරණය කර ගැනීමට ද මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර අද (21) මීගමුවේ දී ඇරැඹුණු ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් සඳහා වන වැඩමුළුව එහි තීරණාත්මක පියවරකි.

ශ්‍රී. ල. නි. ප. සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දෙදින වැඩමුළුව පැවැත්වීමට නියමිතය. දේශපාලන පක්ෂ අතර මෙන්ම විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතර ස්ථාවර ජාතික ආණ්ඩුවක් කෙරෙහි ඇතිවී තිබෙන අවධානය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රට හමුවේ කියා සිටියේ ජාතික සංහිඳියාව තහවුරු කරමින් ස්ථාවර රටක් ගොඩ නැඟීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගිත්වයෙන් එළඹෙන මැතිවරණයට පසුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි.

කෙසේ නමුත් මීළඟ මහ මැතිවරණයට යාමට පෙර නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව ශ්‍රීලනීපයේ මතය වී තිබේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us