සිසුවිය සිවිනසා ගත්තේ නවකවදය නිසා නොවේ

Published in පුවත්
Thursday, 19 February 2015 13:47

පසුගියදා පන්නිපිටියේ නිවසකදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයීය අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය එසේ සිය දිවි නසාගත්තේ නවක වදය ඉවසන්නට බැරිව බවට මින් පෙර පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී අැත.

ඉකුත් 2014 වසරේ සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අමාලි චතුරිකා නමැති මෙම සිසුවිය නවකවධයෙන් පීඩා විඳ මානසික ආතතියට ලක්වී අැත. එම නිසා ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් ද ප‍්‍රතිකාර ලබාගෙන ඇති බව පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේය.

කෙසේවෙතත් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ප‍්‍රකාශ කළේ විශ්ව විද්‍යාලය තුළ නවකවධය කි‍්‍රයාත්මක නොවන බැවින් ඇය ඉන් ආතතියට ලක්වූ බවට කෙරෙන ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මහතා ඇගේ මරණය ගැන අදහස් පළ කර තිබෙන්නේ මෙසේය.

‘මේ ළමයා විශ්වවිද්‍යාලයට ඇවිත් ගොඩක් කල්. ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර ආවේ. නේවාසිකාගාරයේ අමුතු ලෙස හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. මේ පිළිබඳව වාර්තා වුණාට පස්සේ අම්මා සමග ගෙදර යැව්වා. බෙහෙත් කරලා හොඳවෙලා ගෙදර ආවා. ඔය ආකාරයෙන් කීප වාරයක් හතර පස් සැරයක් ආවා ගියා. ඒ අතර වාරයේ ඇයට අතපසු වූ ප‍්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනමම ඉගෙන ගන්නට අවස්ථාව සැලසුවා. මේ දිනවල අධ්‍යයන නිවාඩු දීලයි තියෙන්නේ. මේ සිසුවිය වසරක් කල් ඉල්ලූවා නැවත අලූත් කණ්ඩායමක් එක්ක එන්න. ඒ අනුව අපි එම අවස්ථාව සලසා දුන්නා. නිවසට ගිහින් කීප අවස්ථාවකදී කතා කළා නැවත එන්න පුළුවන්ද කියලා.

මෙම පරීක්ෂණ කරන අතරතුර ඇය සහ ඇගේ මව තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ යන ඉල්ලීමක් නිසා පරීක්ෂණය නැවැත්තුවා. මෙතනින් එහාට පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියා.

ඊට පස්සේ මේ වනතුරු කිසිම පැමිණිල්ලක් තිබුණෙ නැහැ. නවකවදයක් හෝ එවැනි සිද්ධියක් සම්බන්ධව නැවතත් ඇයට බැරිවුණ ප‍්‍රායෝගික කොටස් අධ්‍යයනයට අවස්ථා සලසා සහය දුන්නා. ලෙඩ නිසා ?ට පාඩම් කරන්න බෑ කියා අවුරුද්දක් නිවාඩු අයැදුම් කළා. මේ සිද්ධිය වන විය ඇය එම නිවාඩු ගෙන නිවසෙයි හිටියේ.’

මේ සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපති චන්දන පී උඩවත්ත ප‍්‍රකාශ කළේ
‘ඇය ආතතියකින් පෙළෙන බවට වාර්තාවී තිබුණා. මානසික සෞඛ්‍ය ඒකකයක් තියනව විශ්ව විද්‍යාලයේ ඇය එයින් ප‍්‍රතිකාර අරන් තිබුණා. සබරගමුවේ නවක වද සිද්ධියක් නිසා ඇය දිවි නසාගත්තය කියන වැරදි ප‍්‍රකාශය ගැන මම බෙහෙවින් කණගාටුවෙනවා.’යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us