වෙලේ සුදාට චෝදනා 58ක් -රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Published in පුවත්
Thursday, 19 February 2015 11:06

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ජාවාරමෙන් මාස 6කින් රුපියල් කෝටි 17කට අධික මුදලක් සොයාගත් බවට සඳහන් නඩුව එළැඹෙන 24දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය අද (19)තීරණය කළාය.

වෙලේ සුදා, ඔහුගේ බිරිය හා ඔවුන්ගේ ඥාති සහෝදරියක අද පෙරවරුවේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණ පනත කඩ කිරීම ඇතුළු චෝදනා 58ක් යටතේ ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදී විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් අදාළ සැකකරුවන් මාර්තු 23 වැනිදා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා‍ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන්නේය.

කෙසේ වුවද ආරක්ෂක හේතුන් මත සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරන බව පසුගියදා පොලීසිය පවසා තිබුණි.

Last modified on Thursday, 19 February 2015 11:08

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us