ජනපති මෛත්‍රී ඇතුළු පිරිස දිවයිනට

Published in පුවත්
Wednesday, 18 February 2015 12:33

සිව්දින ඉන්දීය නිල සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ අැත.

යු.එල් 165 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපළේ සිට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස අද පෙරවරු 11 ට පමණ දිවයිනට ළගාවුයේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ඉරිදා දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.එහිදී ඉන්දීය රජය විසින් ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේය.

සඳුදා දිනයේ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජී මහතා හමුවු ජනාධිපතිවරයා එදින පස්වරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වි පාර්ශවික සාකච්ජා පැවැත්වුවේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම ආර්ථික මිතුරෙකු බවට පත්කර ගැනීමට ඉන්දීය රජය මහත් උනන්දුවෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

දෙරට අතර ආර්ථික බලශක්ති, ධීවර හා සංස්කෘතික සබඳතා තර කෙරෙන ගිවිසුම් හතරකට ද එහිදී අත්සන් තැබුණි.

කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙන්ම ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳව ද දෙරටේ නායකයින්ගේ අවධානය යොමු විය.

සංචාංරය තුළ දී ජනාධිපතිවරයා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා මෙන්ම කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවී සාකච්ජා පැවැත්වුවේය.

ඊයේ පස්වරුවේ බුද්ධගයාව වැඳපුදාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ තිරුපති කෝවිලේ සිදුකළ ආගමික වතාවත්වලින් අනතුරුව සිය සිව්දින නිල සංචාරය අවසන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us