ඉන්දු - ශ්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලයි

Published in පුවත්
Wednesday, 18 February 2015 10:47

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම ජාත්‍යන්තර‍ පරමාණුක ශක්ති එජන්සියේ ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල බව අමෙරිකාව පවසයි.

ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුකූල හෙයින් න්‍යෂ්ටික බලශක්ති පිළිබඳ කලාපීය සහයෝගීතාවයට සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පෙන් ප්සාකී මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජයේ පළමු න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම මෙය වන බවද ඇය පවසයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බවද සඳහන්ය.

සම්පත් බෙදාහදා ගැනීම, පිරිස් පුහුණු කිරීම, පුළුල් විශේෂඥ දැනුම , සිවිල් න්‍යෂ්ටික යටිතල පහසුකම් වැනි දේ අදාළ ගිවිසුමසට අනුව සිදුවන බවද පෙන් ප්සාකී පවසයි.

තවද විකිරණශීලා අපද්‍රව්‍ය කළමනාකරණය සහ න්‍යෂ්ටික හා විකිරණ ආපදා අවම කිරීම හා පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් පහසුකම් එයින් සලසනු ඇත.

අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us