හිටපු ඇමති බැසිල් රාජපක්ෂට මාස 3ක නිවාඩුවක් අනුමත කරන්නැයි විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතා අද(19) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේදී නැඟි සිටි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ එසේ නිවාඩු අනුමත කරන්න ඇති විශේෂ හේතුව කුමක්ද යන ලෙසයි.
එම අවස්ථාවේ කතානායකවරයා කියා සිටියේ “විශේෂ හේතුවක් ඇති” යනුවෙනි.
තමන්ද විශේෂ හේතුවක් නොදන්නා නමුත් එම යෝජනාව සභාගත කරනවා යැයි එහිදී විපක්ෂනායකවරයා පැවසූවේය.