subash

subash

රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදා අතර ඇති කර ගත් සටන් විරාමය ඊයේ (ඉරිදා) පටන් ආරම්භ විය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා එම බිරිය ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය ඊයේ(15) පස්වරු පහට පමණ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළට ලඟාවිය.

ශ්‍රී ලංක විදේශ සේවයට දේශපාලන හිතවත්කම් මත පත් කළ 36 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අතර හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වූ යසාර අබේනායක මෙනවියද හිටපු ඇමැති කෙහෙලිය රම්බුල්වැල්ලගේ දියණියද වාසුදේව නානයක්කාර මහතාගේ ලේලිය ජනත්‍රි ද ඇමැති චන්ද්‍රාණි බණ්ඩාරගේ පුතා දිල්රුක්ෂාන්ද වේ.

රාජපක්ෂ රෙජි‍ම විශාල වශයෙන් මුදල් වියදම් කර අරුගම්බේ ඉදිකළ එංගලන්තයේ බකින්හෑම් මාලිගයටත් වඩා අතිවිශාල සහ සුඛෝපභෝගි මාලිගයක් අප සොයා ගත්තා. එම මාලිගය මේ අය නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මූලස්ථානය ලෙසයි.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ හා හිටපු ආරාක්ෂක ලේකම්  ගොඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ පිහිටි නිවාසවල ආරක්ෂාවට හා මෙම දෙපලගේ දරුවන්ගේ ආරක්ෂාවට  ශ්‍රිලංකා යුධ හමුදාවේ කොමන්ඩෝ රෙජීමේන්තුවේ සෙබළුන් ගනනාවක්ම එරටට යවා තිබුණු බව හෙළිවෙයි.වසර කිහිපයක් තිස්සේ මෙලෙස සෙබළුන් ඇමරිකාවට යවා ඇත.

“බොබ් මාලේ” කියන්නෙ මුළු ලෝකයම වසඟයට ගත් ජැමෙයිකා ජාතික දක්ෂ සංගීත ශිල්පියෙක් බව අපි හැමෝම දන්නවා.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයත් සිංහල ජාතිවාදයේ තවත් ස්වරූපයක් බවත් ඉන්දියාවේ සංචාරයක නිරත සිරිසේන මහතා තමිල්නාඩුවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම් ඊට එරෙහිව කළු කොඩි පෙන්වා විරෝධය දැක්වීමට සිදුකළ යුතු බවත් එම්ඩීඑම්කේ පක්‍ෂයේ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේ (2015-02-14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්විය. එහි දී නව නිලධාරී මඩුල්ලක් ද පත්කරගත්හ. එහෙත් එම සභාව අවසන්ව ජනාධිපතිතුමා පිටව යාමෙන් අනතුරුව පැවති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ සහභාගී වූ සමස්ත ලංකා කාරක සභාවේ දී හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි අගමැති කළ යුතු යැයි ඔවුහු බලකර සිටියහ. පසුව පැවති පළාත් සභා මන්ත්‍රී සමුළුවේ දී මෙය වඩාත් බලවත් ලෙස කරළියට රැගෙන ආහ. මෙය බැලූ බැල්මට තව දුරටත් මහින්ද බලයේ රැඳී සිටීමට උත්සාහ කරන තත්ත්වයක් පමණක් නොවේ. සැබැවින් ම යහපාලනයට කරනු ලබන අභියෝගයකි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර  ප්‍රාදේශීය සභා සීමාවේ පවතින 'අත්වැල් තොට දිය ඇල්ල' හරස් කරමින් පෞද්ගලික  ජල විදුලි බලා ගාරයක් ඉදිකිරීමට විරුද්ධවූ එම ගම්වාසීන්ට ධම්මික රණතුංග හා ඔහුගේ මැර කණ්ඩායකම් විසින් තර්ජනය කර ඇති බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

ආණ්ඩුව පත්වී සති 5 ක කාලයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පලකරන ප්‍රධානතම ජාතික පුවත්පත් දෙකක් වන ‘ඩේලි නිවුස්' හා ‘සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පත් සඳහා රාජපක්ෂ වන්දිභට්ටයින් වෙනුවට ස්වාධීන ජේෂ්ඨ මාධ්‍යවේදීන් දෙපලක් පත් කර එවීමට රජය කටයුතු කර ඇතැයි ‘ලේක් හවුස්' ආරංචි මාර්ග සඳහන් කරයි.

Connet With Us