ඉන්දීය රජය ජනපති සහ බිරිද හරසරින් පිළිගනී (Photos)

Published in පුවත්
Monday, 16 February 2015 10:11

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා එම බිරිය ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය ඊයේ(15) පස්වරු පහට පමණ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළට ලඟාවිය.

ජනපති සහ බිරිය පිළිගැනීම ඉන්දියාවේ නාවුක නියෝජ්‍ය ඇමැති පී රාධක්‍රිෂ්නන් විසින් ගුවන් තොටුපළේදී සිදු කළහ.

ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ද ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(16) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ තැන්පත් කර ඇති අවලෝකිතේෂ්වර බෝධි සත්ව ප්‍රථිමාව නිරාවරණය කිරිම සඳහා සහ පුෂ්ප උපහාර දැක්විම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණි.


මේ අතර අද දිනයේ ඉන්දිය ජනාධිපතිවරයා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දිය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය මුණගැසිමට නියමිතය.


මිට අමතරව ජනාධිපතිවරයා ඉන්දිය ජාතික පෙරමුණේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ද මුණගැසි සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වෙයි.


මේ අතර හෙට දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරස්ථානය වැඳපුදා ගැනිමට නියමිතව තිබේ.

prasident go india 1

prasident go india 2

prasident go india 3

prasident go india 4

prasident go india 5

prasident go india 6

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us