ජොනීගේ වයඹ ඩිස්‌ටලරීස්‌ ආයතනයට චෝදනා 11 ක් යටතේ නඩු?

Published in පුවත්
Monday, 16 February 2015 10:45

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර තිබුණි.

සුරා බදු සම්බන්ධ නීති රීති කඩකිරීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වයඹ අරක්කු නිෂ්පාදන ආයතනයට අයත් බලපත්‍ර තුනක් අත්හිටුවා ඇති අතර එම ආයතනයට චෝදනා 11ක් යටතේ දින 14ක් ඇතුළත පිළිතුරු සපයන ලෙස දන්වමින් චෝදනා පත්‍රයක් භාර දී ඇත.

එම ආයතනයට අයත් වයඹ ඩිස්ට්‍රලිස් මත්පැන් නිෂ්පාදනාගාරය තොග වෙළෙඳ ගබඩාව සහ යාපනයේ අරාලි පිහිටි තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ බලපත් තුනම අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.

පසුගිය 10 වැනි දින අදාළ ආයතනයට භාර දුන් චෝදනා පත්‍රයට පිළිතුරු ලබන 24 වැනි දින නොලැබුණහොත් එම චෝදනාවලට පිළිතුරු සැපැයීමට අපොහොසත් වීම මත සුරාබදු ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

එම ආයතනයට ඉදිරිපත් කළ චෝදනා අතර අනුමත ප්‍රමාණයට වඩා මත්පැන් ළඟ තබා ගැනීම, අනවසරයෙන් මත්පැන් ගබඩා කිරීම, ගිණුම් පොත්වලට සහ බලපත්‍රයට අදාළ නොවන මත්පැන් ළඟ තබා ගැනීමද වන බව ප්‍රභාත් ජයවික්‍රම මහතා පෙන්වා දුන්නේය.

මීට පෙර එම ආයතනය හිඟ බදු ගෙවීම වාරික වශයෙන් ගෙවමින් සිට පසුගිය වසරේ ජුනි මාසයේ සිට එම ගෙවීම් නතර කර තිබීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට නියමිතය.

සබැදි පුවත්
ජොනීගේ වයඹ ඩිස්‌ටලරීස්‌ බලපත්‍රය අහෝසියි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us