ජොනීගේ වයඹ ඩිස්‌ටලරීස්‌ බලපත්‍රය අහෝසියි

Published in පුවත්
Thursday, 12 February 2015 08:16

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (10 වැනිදා) කටයුතු කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩාකර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක්‌ අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂණවලින් පසුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම පියවරගෙන ඇත.

සිද්ධියට අදාළ වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ කුරුණෑගල පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවට, ගබඩාවට සහ යාපනය ප්‍රදේශයේ පිහිටි ගබඩාවට සීල් තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කර තිබේ.

වයඹ ඩිස්‌ලටරීස්‌ සමාගම මීට පෙර වෙනත් ව්‍යාපාරිකයකු විසින් නිෂ්පාදන කටයුතු සිදුකර රුපියල් කෝටි ගණනක්‌ බදු නොගෙවීම නිසා අත්හිටුවා තිබියදී ඇමැතිවරයා මැදිහත් වී බදු ගෙවීමේ පොරොන්දුව මත ලබාගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම බලපත්‍රය ඇමැතිවරයාගේ ළඟම ඥතීන් දෙදෙනකු නමින් පවතින බවත් ඔවුන් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකයන් බවත් පැවසේ.

ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් බලපත්‍රය ලබා ගැනීමෙන් පසුවද රුපියල් කෝටි ගණනක්‌ නිෂ්පාදන බදු මුදල් ගෙවා නොමැති අතර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු ගණනය කරමින් සිටින බවද එම ආරංචි මාර්ග පවසයි. ලොරිවල ගබඩා කර තිබූ අරක්‌කු තොගයට නිෂ්පාදන බදු මුදල් නොගෙවීම, බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක්‌ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. දින 14 ක්‌ ඇතුළත නිදහසට කරුණු වාර්තා කරන ලෙස එම සමාගමෙන් පෙරේදා ඉල්ලීමක්‌ කර ඇත.

බදු මුදල් නොගෙවා අත්හිටුවා තිබූ බලපත්‍රය නැවත ලබාදීමේදී අනුගමනය කර ඇති ක්‍රියා මාර්ගය පිළිබඳව මුදල් අමාත්‍යාංශය මගින්ද විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

- දිවයින ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us