රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන්ගේ මරණය ගැන පරීක්ෂණ යළිත්

Published in පුවත්
Thursday, 12 February 2015 08:07

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර 2 2/1 කට උඩදී අභිරහස්‌ අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර ඇත.

රාජපක්ෂවරුන්ගේ බලපෑම නිසා තජවුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කෙරුණු පරීක්‍ෂණ කටයුතු යටගොස්‌ තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ සහ තජවුඩීන් අතර ආරවුලක්‌ පැවැති බවත් මොහුගේ අභිරහස්‌ මරණය සිදුවී ඇත්තේ එම ආරවුලින් පසුව බවත් ආරංචි මාර්ග පවසයි.

මෙම ආරවුල පැවැතියේ යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියක වූ යසාරා අබේනායක මෙනවිය සම්බන්ධයෙන් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම නාරාහේන්පිට නගරයේදී සිදුවූ හදිසි අනතුරකින් තජවුඩීන් මහතා මිය ගිය බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. තජවුඩීන් මහතාගේ මරණය සිදුවූ ආකාරය හෙළිකර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාද කැඳවා තිබිණි.

මෙම සිද්ධිය වී වසර 2 1/2 ක කාලයක්‌ ගතවී ඇතත් රස පරීක්‍ෂක වාර්තාව මේ වන තුරුත් ලැබී නැත.පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේ අදෘෂ්‍යමාන දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු ඇනහිට තිබූ බවයි.

තජවුඩීන් මහතා මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී වැල්ලවත්තේ පිහිටි නිවස බලා යමින් සිටියදී නාරාහේන්පිටදී අභිරහස්‌ අන්දමින් ඝාතනයට ලක්‌විය.

තජවුඩීන් මහතා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී ගිනිගෙන විනාශ වූ අතර ඔහු වාහනය තුළම හඳුනාගත නොහැකි ලෙස පිළිස්‌සී මියගොස්‌ සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ කරද්දී තජවුඩීන් මහතාට අයත් මුදල් පසුම්බිය වෙනත් ස්‌ථානයක බිම වැටී තිබියදී සොයාගෙන ඇත.

ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ තජවුඩීන් මහතා දක්‍ෂ රගර් ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. 2008 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්‌ඩායම නියෝජනය කළ ඔහු ඝාතනයට ලක්‌වන විට 28 හැවිරිදි වියේ පසුවිය.

2009 වර්ෂයේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ තජවුඩීන් ප්‍රසිද්ධ රගර් කණ්‌ඩායම් කීපයකටම ක්‍රීඩා කළේය.

තජවුඩීන් මහතාගේ අභිරහස්‌ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු මුල සිටම ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

Last modified on Thursday, 12 February 2015 08:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us