දකුණු අප්‍රිකානු උප ජනාධිපති රමපෝෂා ශ්‍රී ලංකාවට

Published in පුවත්
Thursday, 12 February 2015 07:57

සංහිඳියාව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය දැක ගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා (Cyril Ramaphosa) මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඒ මහතාගේ සංචාරය සිදුවන අතර එළැඹෙන මාර්තු මාසයේ දී උප ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ජියෝෆ් ඩොයිජ් (Geoff Doidge) මහතා ප්‍රකාශ කරයි.

ප්‍රගතිශීලී නායනකයෙකු වන සිරිල් රමපෝෂා මහතා සාමය සම්බන්ධයෙන් හසල අත්දැකීම් සහිත පුද්ගලයෙකු බවද ඒ හේතුවෙන් මෙරට සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමේ දී ඔහුගේ සේවය ලබාගැනීමේ හැකියාව තිබෙන බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් රමපෝෂාගේ පැමිණිම සම්බන්ධයෙන් එවකටද රාජපක්ෂ ආණ්ඩුවේ ජාතිවාදී කණ්ඩායම් හී විරෝධය එල්ල වූඅතර ඔහු එල්ටීටීඊ බෙදුම්වාදයට පක්ෂ පාත පුද්ගලයකු බවද පැවැසුනි. එමෙන්ම ඔහු ලෝකයේ ප්‍රධාන පෙළේ ගල් අඟුරු ආකර හිමි බලවත් ව්‍යාපාරිකයකු වේ. මෙරට නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරයද ඔහුගේ සමාගමකට ලැබී තිබුණු බවත් වර්තා වී ඇති අතර එම ගනුදෙනුව පි‍ටුපස සිටින්නේ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බවද හෙළිවිය. එහි අතර මැදියන් ලෙස එල්ටීටීඊයේ විදෙස්ගත නායකයකු වන රුද්‍රකුමාරන් මහතාද සිටින බවට තොරතුරු වාර්තා විය. පැවැති රාජපක්ෂ රජය හා එල්ටීටී සංවිධානය අතර රහස් ගනුදෙනුවක් ලෙස මෙම ගල් අඟුරු ගනුදෙනුවද වූ බව ට චෝදනා එල්ල වෙ තිබිණි.


සාම නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා මහතා පසුගිය 2014 වසරේ ජූලි මාසයේ දීද ශ්‍රී ලංකාවට පැමිණි අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. එමෙන්ම ඉන් පසුව බැසිල් රාජපක්ෂ මහතාද දකුණු අප්‍රිකාවට ගොස් ඔහු හමුවිය.

මෙවර සංචාරයේ දී ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද ජියෝෆ් ඩොයිජ් මහතා කියාසිටී.

Cyril-Ramaposha-meets-Mahinda-Rajapaksa

Last modified on Thursday, 12 February 2015 08:02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us