වොශින්ටනයේදී මෙම හමුව සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එහිදී විදේශ අමාත්‍යවරයා විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට මෙරට සංචාරයක නිරත වන්නැයි ඇරයුම් කිරීමටද නියමිතව අැත. එමෙන්ම මෙරට වත්මන් දේශපාලන තත්වය පිළිබඳවද මංගල සමරවීර මහතා, ජෝන් කෙරී මහතා දැනුවත් කිරීමට නියමිතය.
හෙට දිනයේදී විදේශ අමාත්‍යවරයා ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතාද මුණගැසීමට නියමිතවය. ජගත් මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කරන ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙන බව වාර්තා වුණි. මෙම සංචාරයෙන් අනතුරුව විදේශ අමාත්‍යවරයා චීනයේ නිළ සංචාරයක නිරත වීමට සැළසුම් කර අැත.