කෙහෙළියගේ දුව තවත් වෙට්‍ටුවක් දායි

Published in පුවත්
Monday, 16 February 2015 08:27

ශ්‍රී ලංක විදේශ සේවයට දේශපාලන හිතවත්කම් මත පත් කළ 36 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අතර හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වූ යසාර අබේනායක මෙනවියද හිටපු ඇමැති කෙහෙලිය රම්බුල්වැල්ලගේ දියණියද වාසුදේව නානයක්කාර මහතාගේ ලේලිය ජනත්‍රි ද ඇමැති චන්ද්‍රාණි බණ්ඩාරගේ පුතා දිල්රුක්ෂාන්ද වේ.


කෙසේවෙතත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමින්ත්‍රි රඹුක්වැල්ල තවදුරටත් නිව්යෝක් හි රැඳී සිටීමේ උත්සාහයක නිරතව සිටී.

චමින්ද්‍රි රඹුක්වැල්ලද 2011 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ දෙවන ලේකම් ලෙස 2013 වර්ෂයේ ලද සේවා දුගුකිරීමක්ද සමගින් සේවය කර ඇත.

ඇය සේවා කාලය අවසන් වන කාල සිමාව පිළිබඳ විදේශ අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කර ඇත. ඇය පවසන ආකාරයට දැනට ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියා ෆැසිපික් කණ්ඩායමේ සැසිවාර සංවිධානය කිරීමේ කමිටුවේ දරන උප සභාපති ධුර කාලය අවසන් වන්නේ 2015 ජූලි මාසයේදීයි.

මේ නිසා ධුර කාලය කල් ඉකුත් වීමට පෙර නැවත කැඳවීම හරහා ශ්‍රී ලංකාව එම කමිටුව සමඟ ඇති සබඳතා අත්හැර දැමීමක් බවත් එම ධුරය ශ්‍රී ලංකාවේ වෙනත් විදේශ නියෝජිතයෙකුට පැවරිය නොහැකි අතර ඇගේ පෞද්ගලික දක්ෂතාව මත එම තනතුර හිමිව තිබෙන බවත් ඇය පවසයි .

ඒ කෙසේවුවත් විදේශ සේවා නිලධාරීන් පවසන ආකාරයට මෙය එක් පුදගලෙකුට හිමි වූවක් නොව රටට හිමි වූවක් බවයි. එම නිසා මිට පසු පත්වන කවර නිලධාරියෙකුට හෝ මේ තනතුර ඉබේම හිමි වනු ඇත. චමිත්‍රි හා නිව්යෝක් නුවර සේවය කළ ශවේන්ද්‍ර සිල්වා අතර වූ හුටපටයක් ගැනද පසුගිය කාලයේ වාර්තා වූ අතර එමඟින් ශ්‍රීලංකාවට අපකීර්තියක් වූ බවට චෝදනාවක් එම කාර්යාල සේවකයන්ගෙන් එල්ල වී තිබිණි.

 

ශ්‍රී ලංකාවට කැඳවන ලද නිළධාරීන් අතර හිටපු ඇමැති ගාමිණී ලොකුගේ ගේ දියණිය බ්‍රසල්ස් පළමු ලේකම් දර්ශි ලොකුගේ, හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්න කෝන්ගේ සහෝදරයා දෙවන ලේකම් ටෝකියෝ ජේ.එම් එස් එල් බණ්ඩාර දවේ.

එමෙන්ම කැන්බරාහි උප තානාපති ලෙස සේවය කළ ලක්ෂ්මන් හුළුගල්ල, ඩී ජී එන් රඹුක්වැල්ල, ටී කේ චනිත්‍රා ශාලෙන්ද්‍රි, රත්න රණවීර, බන්දුල ජයසේකර. වියානාහි උප තානාපති ලෙස සේවය කළ ශ්‍රීමල් වික්‍රමසිංහ සහ වියනාහි උප ලේකම් ලෙස ක්‍රියාකළ නවෝද් හෙන්නායකද වේ. ටොරොන්ටෝහි තානාපති මොහාන් දී අල්විස්. බීජිංහි ලේකම් සේවය කළ එම අයි තුඩුවේවත්ත,

කයිරෝ උප ලේකම් පී කේ එම් ආර් එස් විජේරත්න , පරිශී උප ලේකම් පී ආර් බී ඩබ්ලිව් කුරේ, බර්ලින්හි උප ලේකම් රොෂාන් නලීන් විජේසිංහ, ෆ්‍රෑන්ක්ෆර්ට්හි තානාපති ප්‍රදීප් ජයවර්ධන., බැග්ඩෑඩ් හි තානාපති එල් එම් එස් ලියව්දීන්. චෙන්නායිහි තානාපති අනුෂ් ශිවරාජ් උප ලේකම් බී එම් යූ එන් බණ්ඩාරනායක, ජෝර්දාන්හි උප ලේකම් ප්‍රදීප් මද්දුම බණ්ඩාර . කුවේට් උප ලේකම් ජේ එම් එස් එල් බණ්ඩාර .

කත්මන්ඩු රාජ්‍ය නියෝජිත ඩික්සන් ජේ පෙරේරා, ජෙඩාහි කොන්සල් නියෝජිත අදම්බව උතුම්ලෙබ්බේ, අබු ඩාබිහි ප්‍රධාන ලේකම් ඩබ්ලිව් කේ එස්‌ දිසානායක, ලංඩන්හි රාජ්‍ය නියෝජිත ලලිත් සේපාල රත්නායක, ලංඩන්හි රාජ්‍ය නියෝජිත හෂිනි කෝකිලා වෛද්‍යරත්න, ලන්ඩන්හි උප ලේකම් මුතූ පද්මකුමාර (බන්දුල පද්මකුමාර මහතාගේ දියණිය), නිව් යෝක් උප ලේකම් උමයංගනා නානායක්කාර, වොෂින්ටන්හි නියෝජිත තනුජා උස්ලියනගේ, වොෂින්ටන්හි නියෝජිත කේ ඩී රන්ජිත් හා වරුණ ඈපාසිංහ


ඕස්ට්‍රේලියාව තුල ශ්‍රී ලංක විදේශ සේවය සඳහා පත් කළ නියෝජිතයන් 6ක් ද ශ්‍රි ලංකාවට කැඳවා තිබේ.

Last modified on Monday, 16 February 2015 08:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us