රාජපක්ෂ රෙජිමයේ සුපිරි මාලිගාවක් ආරුගම්බේ - අගමැති හෙළිකරයි

Published in පුවත්
Monday, 16 February 2015 07:43

රාජපක්ෂ රෙජි‍ම විශාල වශයෙන් මුදල් වියදම් කර අරුගම්බේ ඉදිකළ එංගලන්තයේ බකින්හෑම් මාලිගයටත් වඩා අතිවිශාල සහ සුඛෝපභෝගි මාලිගයක් අප සොයා ගත්තා. එම මාලිගය මේ අය නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මූලස්ථානය ලෙසයි.

මේ මාලිගා සංකීර්ණයේ පිහිටුම් තටාක සහිත ප්‍රභූවරුන්ගේ නිවාඩු නිකේතන 3ක් ද, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 14ක් ද, එක නිදන කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් ද, නිදන කාමර 2ක් සහිත නිවාඩු නිකේතන 22ක් ද වශයෙන් සුපිරි සහ අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 57ක් තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (15දා) ගාල්ලේ උළුවිටිතේ පැවැති ගාලු දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවේදීය.

ගාලු දිසාවේ දේශපාලන නායකයන් එක්වූ මේ හමුව ගාලු දිසා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ නිවසේදී පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් හමුවී උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී (15 ) දින අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

මීට පෙර මේ ස්ථානයේදීම මේ ආකාරයටම රැස්වූ අවස්ථාවේදී 2015දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මේ රටේ ඇති කරන බව ‍මම ස්ථිරවම කියා සිටියා. ඒ වගේම මේ වන විට අප ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ බලය බිඳ හෙළා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය ඇතුළු සියලු දේශපාලන පක්ෂ එකට ඒකරාශී කර අලුත් ආණ්ඩුවක් ගොඩනඟා තිබෙනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවට පිටතින් සහයෝගය ලබා දෙන අතර, මුස්ලිම් සහ ද්‍රවිඩ කණ්ඩායම් ද අප සමඟ එක්ව සිටිනවා. අප සියලු පාර්ශ්වයන් එකට එක්ව මේ ආණ්ඩුව ගොඩනැගුවේ දින 100ක් සඳහායි.

සියලු පාර්ශ්වයන් එකට එක්ව ගොඩනැඟූ අලුත් ආණ්ඩුවේ දින 100 යේ වැඩ සටහනේ ප්‍රධාන වැඩ කටයුතු තුන වන්නේ ජනතාවට සහන සැලසීම, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කර 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ දූෂණ ගැන සොයා බලා ඒ දූෂිතයින්ට දඬුවම් ලබාදීම සඳහා ක්‍රියා කිරීමයි.

ජනතාවට ක්ෂණික සහන ලබාදීමේ වැඩ කටයුතු ආරම්භ කළ අප අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ එකට එක්ව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා කරමින් සිටින අතර, දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ කරුණු සොයා බලා වැරැදිකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ යාන්ත්‍රණය ද ස්ථාපිත කර තිබෙනවා.

මේ දින 100 වැඩසටහන අවසන් කළාට පසුව අප මහ මැතිවරණයකට යන අතර, ඒ මැතිවරණයෙන් පසුව අප ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නව රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කරමින් ජනතාවගේ ආදායම් දෙගුණ කිරීමටයි.

ගාල්ල දිස්ත්‍රික්කය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රදේශයක් වන නිසා මේ පළාත්වලට වතුර බොන සුද්දන් වෙනුවට විශාල ලෙස සල්ලි වියදම් කරන සුද්දන් ගෙන්වා සංචාරක ව්‍යාපාරය දියුණු කරන බව මම එදා කියා සිටියා.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් මේ රටේ තිබෙන මහ පරිමාණ සංචාරක හෝටල් සහ සමාගම් සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් ඇත්තේ නැහැ. සංචාරක ව්‍යාපාරය දියුණු කර ජනතාවගේ ආදායම් වැඩි කිරීම ගැන නොසිතූ මේ අය එදා ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට හේත්තු වී සිය සාක්කු පුරවා ගත්තා.

2003දී මේ රට අප භාර දී යන විට ලෝකයේ හොඳම වෙරළ තීරය බවට පත්ව තිබුණේ මේ ගාල්ල ප්‍රදේශයේ උණවටුණ මුහුදු තීරයයි. ඒකාධිපති රාජපක්ෂ රෙජිමය යටතේ උණවටුණ මුහුදු තීරය ද රට හේදිලා ගියා වගේම මේ වනවිට සේදී ගොස් තිබෙනවා. උණවටුණ හෝ වේවා පාසි කුඩා හෝ වේවා ශ්‍රී ලංකාවේ හොඳ වෙරළ තීරයක් තිබුණා නම් ඒකාධිපති රෙජිමය කළේ ඒ සුන්දර වෙරළ තීර විනාශ කිරීමයි. ඒකාධිපති රෙජිමය ලෝකයේ ලොකුම පිහිණුම් තටාකය ලෙස හම්බන්තොට වරාය ‍ඉදිකිරීම ගැන මට ප්‍රශ්නයක් නැතත් මම කනගාටු ‍වන්නේ මේ අය අපේ සුන්දර වෙරළ තීර විනාශ කිරීම ගැනයි.

මේ අනුව උණවටුණ වෙරළ තීරය යළි සංරක්ෂණය කර රැකගැනීමට අපේ ආණ්ඩුව සියලු කටයුතු යොදා තිබෙනවා. උණවටුණ වෙරළ තීරයේ විශාල වශයෙන් හෝටල් තිබුණත් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විධිමත් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදිකිරීමට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවධානය යොමු කළ යුතුව තිබුණේ ඒ ගැනයි. උණවටුණ සහ හික්කඩුව ආදී වෙරළ තීරවල කුඩා “ගෙස්ට් හවුස්” පවත්වා ගෙන යන සංචාරක ව්‍යාපාරිකයන්ට අත දී ඒ අයගේ ව්‍යාපාර දියුණු කිරීමට අප කටයුතු යොදා තිබෙනවා.

දකුණු වෙරළ තීරය සංරක්ෂණය කරන අතර, ගාලු කොටුව ද ආරක්ෂා කරමින් රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩි කිරීම අපේ අරමුණයි. එමෙන්ම අලුත් සංචාරක හෝටල් ඉදිකිරීම සම්බන්ධයෙන් ද අපේ අවධානය යොමුව තිබෙනවා.

මේ ගාල්ල දිස්ත්‍රික්කයේ එදා සිට විශාල උත්සවයක් පැවැති අතර, සෑම අවුරුද්දකම ජනවාරි මාසයේ පැවැත් වෙන ඒ ඉංග්‍රීසි සාහිත්‍ය උළෙලට විශාල වශයෙන් සංචාරකයන් පැමිණියා. ආසියාවේ හොඳම උළෙල බවට එදා එම ඉංග්‍රීසි සාහිත්‍ය උළෙල පත්ව තිබුණත් රාජපක්ෂ රෙජිමය යටතේ එම සාහිත්‍ය උළෙල ද නතර කිරීමට සිදු වුණා. කෙසේ නමුත් 2016 ජනවාරි මාසයේදී එම සාහිත්‍ය උළෙල අප ඊටත් වඩා උත්සවාකාරයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කරනවා.

එම සාහිත්‍ය උළෙල ගාල්ලට පමණක් සීමා නොකර ද්‍රවිඩ සහ ඉංග්‍රීසි අය වෙනුවෙන් යාපනයේද සිංහල සහ ඉංග්‍රීසි අය වෙනුවෙන් මහනුවර ද පවත් වන අතර දකුණේ සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය කෘති අලලා දවස් හතක සාහිත්‍ය උත්සවයක් අප සංවිධානය කරනවා.

මේ සාහිත්‍ය උළෙල අවසන් වුණාට පසුව අවුරුද්දේ ඉතිරි මාස වෙනුවෙන් තවත් විශේෂ උත්සව පහක් රට පුරා සංවිධානය කිරීමට ද අප තීරණය කර තිබෙනවා. මාස කිහිපයකට වරක් මෙවැනි අතිශය වැදගත් උත්සවයක් පැවැත්වෙන විට ඒ වෙනුවෙන් ලෝකයේ විවිධ කණ්ඩායම් මේ රටට පැමිණෙන අතර, එවිට රටත්, සංචාරක ව්‍යාපාරයත් දියුණුවට පත්වනවා. කොළඹ වටේ රාත්‍රී කාර් ධාවන තරග පවත්වනවා වෙනුවට අප කරන්නේ රට පුරා මෙවැනි අතිශය වැදගත් උත්සව සහ සාහිත්‍ය උළෙලවල් සංවිධානය කිරීමයි. මේ අනුව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ උළෙල සහ උත්සව තිබෙන ප්‍රධානතම නගරය බවට ගාල්ල පත් කරනවා.

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරයකු සතියක් හෝ ඊට වැඩි කාලයක් අපේ රටේ තබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ද අපේ අවධානය යොමුව තිබෙනවා. ඒ වෙනුවෙන් “ගෝල්ෆ් පිට්ටනි” කිහිපයක් ඇති කළ යුතුව තිබෙන අතර, දෙද්දුව සංචාරක ව්‍යාපාරය ද අප යළි ආරම්භ කරනවා. ගාල්ල සහ මාතර සංචාරක ව්‍යාපාරය දියුණු කළාට පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඒ අයට උදව් කිරීමට ගාල්ලේ සහ මාතර අයට හැකිවනවා. මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල කර්මාන්ත පුරයක් ඇති කිරීම ද අප කටයුතු යොදා තිබෙනවා. එම කර්මාන්ත පුරය ඇති කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හම්බන්තොට වෙනුවෙන් කිරීමට නොහැකි වූ සේවය එම ජනතාවට කිරීම අපේ බලාපොරොත්තුවයි.

ලෝකයේ ප්‍රසිද්ධතම සංචාරක ප්‍රදේශයක් බවට ගාල්ල සහ මාතර පත් කිරීමට අප කටයුතු කරන අතර, මුහුදු වෙරළේ තට්ටු 15 හෝ ඊට වැඩි ගොඩනැගිලි ඉදිකිරීමට අප කිසිවෙකුට ඉඩ තබන්නේ ද නැහැ. පොල් ගසකට වඩා උසින් යුතු ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ නොතබන අතර කවුරුන් හෝ එවැනි හෝටල් ඉදිකරමින් වෙරළ පරිසරය විනාශ කරනවා නම් ඊට එරෙහිව උපරිම පියවර ගන්නවා. පරිසරය ආරක්ෂා නොකරන්නේ නම් සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් ආරක්ෂා කිරීමට හැකි වන්නේ නැහැ. සංචාරක ව්‍යාපාර කඩා වැටුණොත් සිදු වන්නේ එම ව්‍යාපාරයේ නියුතු අයගේ ආදායම මුළුමනින්ම කඩා වැටීමයි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන අතර මේ දකුණු පළාත ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබෙන කුඩා තේ වතු කර්මාන්තය දියුණු කිරීමට ද අප කටයුතු කරනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් සඳහා සහන ලබා දෙන බව අප මුලින් කියා සිටියත් අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක් සඳහා විශාල වශයෙන් සහන සැලසීමට අප ක්‍රියා කළා. මේ අතර සහල් සඳහා සහනයක් ලබා නොදුන්නේ මන්දැයි සමහරුන් අපෙන් ප්‍රශ්න කරනවා. සහල් මිල අඩු නොකර අර්තාපල් මිල ආරක්ෂා කරමින් දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මිල වැඩි කළේ ග්‍රාමීය ආර්ථිකයට මුදල් යැවීම සඳහායි.

තේ සහ රබර් නිෂ්පාදකයින් ද එම කර්මාන්තයද ආරක්ෂා කර දියුණු කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අපේ බලාපොරොත්තුවයි. ජී.එස්. පී. ප්ලස් අපට අහිමි ‍නොවී තිබුණා නම් අපට අපේ රබර් නිෂ්පාදනවලින් කෙතරම් වාසියක් ලබාගැනීමට තිබුණා ද? මේ අතර අපේ ධීවරයින්ගේ මත්ස්‍ය නිෂ්පාදනය ද යුරෝපය තහනම් කර තිබුණා. අපේ ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉදිරි මාස කිහිපයේදී ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරයා ලෙස මම අපේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විටත් යුරෝපයට යවා තිබෙනවා.

ධීවරයින්ගේ ප්‍රශ්න ගැන දන්නේ මම නොව කලක් ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කළ තමා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා කියා සිටියා. ධීවරයින්ගේ ප්‍රශ්න ගැන දන්නවා යැයි කියන මිනිහාට මේ ප්‍රශ්නයේදී කිසිවක් කරගැනීමට නොහැකි වූ නමුත් ධීවරයින් ගැන කිසිවක් නොදන්නවා යැයි කියන මම මේ ප්‍රශ්නය වෙනුවෙන් කුමක් හෝ මේ වන විටත් කර තිබෙනවා.

බඩු මිල අපට මෙසේ විශාල ලෙස හදිසියේම අඩු කිරීමට හැකිවුණේ ඒ මත ගසා තිබූ අධික බදු ඉවත් කර තෙල් මිල අඩු කළ නිසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පස් අවුරුද්දක් මුළුල්ලේ ජනතාවට ලබා නොදුන් සහන මමත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සති දෙකකින් ලබා දුන්නා.

ජනතාවට මෙසේ සහන සැලසීමට හැකිව තිබියදී එසේ නොකිරීම විශාල පාපකර්මයක් බව කියා සිටි මහින්ද රාජපක්ෂගේ පැත්තේ එක්තරා මන්ත්‍රීවරයෙක් ඒ අයට ඒ සහනය ජනතාවට එදා ලබාදීමට නොහැකි වුණේ මන්දැයි මගෙන් ඇසුවා. ඒ අවස්ථාවේදී මම ඔහුට කියා සිටියේ ඒ ගැන විමසිය යුත්තේ මගෙන් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බවයි. මේ අය ජනතාවගෙන් මේ තරම් විශාල ලෙස බදු ගත්තේ ඒ අයගේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වෙනුවෙන් ගෙවීම සඳහායි.

රාජපක්ෂ රෙජි‍ම විශාල වශයෙන් මුදල් වියදම් කර අරුගම්බේ ඉදිකළ එංගලන්තයේ බකින්හෑම් මාලිගයටත් වඩා අතිවිශාල සහ සුඛෝපභෝගි මාලිගයක් අප සොයා ගත්තා. එම මාලිගය මේ අය නම් කර තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මූලස්ථානය ලෙසයි. මේ මාලිගා සංකීර්ණයේ පිහිනුම් තටාක සහිත ප්‍රභූවරුන්ගේ නිවාඩු නිකේතන 3ක් ද, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 14ක් ද, එක නිදන කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් ද, නිදන කාමර 2ක් සහිත නිවාඩු නිකේතන 22ක් ද වශයෙන් සුපිරි සහ අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 57ක් තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

‍මේ අය මේ මාලිගා සංකීර්ණය යොදා ගෙන අරුගම්බේ සිට කළ ජාත්‍යන්තර සම්බන්ධීකරණය කුමක් ද? මේ ප්‍රභූ අති සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී නිවාඩු නිකේතන ඉදිකළේ කවුරුන් වෙනුවෙන් ද? මේ ප්‍රභූ නිවාඩු නිකේතන 3 පාවිච්චි කළේ කවුරුන්ද? ඒ නිවාඩු නිකේතන ඉදි කළේ කවුරුන් සඳහා ද?

මේ ව්‍යාපෘතිය යටතේ මෙසේ අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන ඉදිකිරීමේ වැඩ කටයුතු අප වහාම නතර කර තිබෙන අතර, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව කිසිදු අවසරයක් ලබාදී නැහැ. මේ මාලිගා ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා තිබෙන්නේ ජනාධිපති කාර්යාලයට ලබාදී තිබූ ප්‍රතිපාදනවලින් කොටසක් බව මේ වනවිට හෙළි වී තිබෙනවා. මේ අනුව මේ අය නීතිය වගේම පාර්ලිමේන්තුවේ මූල්‍ය රෙගුලාසි ද සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර තිබෙන බව කිව යුතුයැයි පැවැසීය.

මේ සියල්ල වෙනුවෙන් ගෙවීමට සිදුවූයේ ජනතාවට වන අතර, ජනතාව කරන ඒ ගෙවීම අප වහාම නතර කළ නිසා තෙල් මිල් විශාල වශයෙන් අඩු කිරීමට අපට හැකිවුණා. යාපනයේ මේ අය මෙවැනිම තවත් රජ මාලිගාවක් ඉදිකර තිබෙන අතර, එම මාලිගය කුලී පදනම මත මහා පරිමාණ හෝටල් සමාගමකට ලබාදී ජනතාවට සහන සැලසීම සඳහා මුදල් ‍සොයා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මමත් තීරණය කළා. මේ මාලිගයේ තරු පහ හෝටලයක් ආරම්භ කළ හැකි නේදැයි ආර්. සම්බන්ධන් මහතා මගෙන් විමසූ අවස්ථාවේදී මම කියා සිටියේ මේ මාලිගායේ ස්වභාවය අනුව නම් එහි ආරම්භ කළ යුත්තේ තරු පහ හෝටලයක් නොව තරු හය හෝ හතක හෝටලයක් බවයි.

ජනතාවට විශාල වශයෙන් බදු ගෙවීමට සිදුවුයේත් අධ්‍යාපනය සඳහා යොදවන ප්‍රතිපාදන කප්පාදු කෙරුණේත් මේ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීම සඳහායි. සන්ධාන ආණ්ඩුව සහ හිටපු ජනාධිපතිවරයා බඩු මිල විශාල වශයෙන් වැඩි කළේ මේ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ජනතාවගෙන් ලබා ‍ගැනීම සඳහායි.

අපේ මව්වරුන් සිය දූදරුවන් නිල්වලා ගඟට කළු ගඟට සහ කැලණි ගඟට දමා සියදිවි නසා ගත්තේ ඒ වැඩි කළ බඩු මිල දරා ගත නොහැකි නිසයි. මේ මාලිගා වෙනුවෙන් ගෙවීම සඳහා අපේ මව්වරුන් සිය දූ දරුවන් කොපමණ පිරිසක් නිල්වලා ගඟේ, කළු ගඟේ සහ කැලණි ග‍ඟේ පා කර හැරියා ද? ජනවාරි අට වැනිදා මේ රටේ සමස්ත ජනතාව එකට එක්ව නතර කළේ ඒ මහා අපරාධයයි.

මේ මාලිගා වෙනුවෙන් ගෙවීම සඳහා රටේ ජනතාවගෙන් කොපමණ පිරිසක් තුන් වේලෙන් එක වේලක් නොකා සිටියා ද? කොපමණ දෙමව්පියන් පිරිසක් සිය දූ දරුවන්ගේ අවශ්‍යතා ඉටු නොකර ඉවසා දරා ගෙන සිටියා ද? කොපමණ පිරිසක් අලුත් ඇඳුම් කැඬුම් මිලදී නොගෙන අන්ත අසරණ වී සිටියාද?

ඒකාධිපති රාජපක්ෂ රෙජිමය රට පුරා ඉදිකර තිබෙන මේ මාලිගා වෙනුවෙන් ගෙවීම සඳහා වැඩිපුර රුපියල් කෝටි 9000ක් සොයා ගැනීමට අපට සිදුවෙලා. රජමාලිගා ඉදිකිරීමේ ව්‍යාපෘති වහාම අප නතර කළේ ඒ මුදල්වලින් ජනතාවට සහන ලබාදීම සඳහායි. අරුගම්බේ මේ අය ඉදිකර තිබෙන රජ මාලිගය එංගලන්තයේ බකින්හැම් මාලිගයටත් වඩා විශාල බව මහ රැජින කියා සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වූ නිසා තමාට රජ මාලිගයක් අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ සිතුවා විය හැකියි.

සීසෙල්ස් රාජ්‍ය සඳහා පැවැති සන්ධාන ආණ්ඩුව තානාපතිවරයකු ද පත් කළ ඔහු උදෑසන අවදි වුණාම මුල්ම රාජකාරිය ලෙස කරන්නේ මුහුදේ නෑමයි. ඊට පසුව උදේ කෑම ගන්නා ඔහු දහවල් නිදා ගන්නා අතර, යළි රාජ්‍ය වැඩ කටයුත්තක් ලෙස මුහුදේ නානවා. ඊට පසුව රාත්‍රී කෑම ගෙන විනෝදවීමට යන අතර, ඉඳහිට ලංකා බැංකු ශාඛාවට ගොස් ගිණුම්වල තොරතුරු සොයා බලනවා.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර ඉදිරි මහ මැතිවරණයේ දී අලියාට ජනවරම ලබා ගැනීමට ඇප කැප වන්නැයි සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. එසේ නම් අපේ මහ මැතිවරණ ව්‍යාපාරය අප මේ මොහොතේ සිට ආරම්භ කළ යුතුයි. අපේ බලය තිබෙන්නේ අමාත්‍යාංශවල නොව ගමේ සහ ජනතාව අතර බව සියලුදෙනාම මතක තබා ගත යුතුයි. ඒ අනුව මේ මොහොතේ සිටම වැඩ කටයුතු ආරම්භ කරමින් අලියාගේ ඡන්ද ගොඩ වැඩි කිරීමට සියලුදෙනාම ඇප කැප විය යුතුයි.

 

 

dinamina

Last modified on Monday, 16 February 2015 07:46

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us