'මෛත්‍රීපාලනය' සිංහල ජාතිවාදයේ අලුත් ස්වරූපයයි - තමිල්නාඩුවේ විරෝධතා

Published in පුවත්
Sunday, 15 February 2015 18:36

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයත් සිංහල ජාතිවාදයේ තවත් ස්වරූපයක් බවත් ඉන්දියාවේ සංචාරයක නිරත සිරිසේන මහතා තමිල්නාඩුවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම් ඊට එරෙහිව කළු කොඩි පෙන්වා විරෝධය දැක්වීමට සිදුකළ යුතු බවත් එම්ඩීඑම්කේ පක්‍ෂයේ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

“1948 පෙබරවාරි මස 04 වන දින නිදහස ලැබූදා සිට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සාමකාමී සහ ස්වාධීන රාජ්‍යයක් පවත්වාගෙන ආ ඊළාම් දෙමළ ජනතාවට යුරෝපා රටවල සහයෝගය හේතුවෙන්, එම බලය අහිමිවී සිංහල ඒකාධිපති පාලනය තුල ජීවත්වීමට සිදුවිය. ආත්ම ගරුත්වයකින් යුතුව සිංහල ජනතාවට සමාන අයිතීන් සමග ජීවත්වීම සඳහා දෙමළ ජනතාව අඛණ්ඩව සටන්කල අවස්ථාවේදී, එය සිංහල රජයේ කුරිරු ප්‍රචණ්ඩත්වයට ලක්විය. ‘ඊළාම් ඝාන්ධි’ යනුවෙන් හැදින්වූ සෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් දෙමළ දේශපාලන පක්‍ෂ සියල්ල වට්ටුකෝට්ටෙහිදී රැස්වී, 1976 මැයි 14 වන දින ‘ස්වාධින දෙමළ ඊළම’ ප්‍රකාශයට පත්කරන ලදි. එය අරමුණු කරගෙන, අහිමිවූ විමුක්තිය ලබාගැනීමට තරුණ පරපුර සන්නද්ධ සටනේ නිරතවිය.

ජාතික නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් වීරත්වයකින් යුතුව සටන් කර, දෙමළ ඊළාම් මාතෘ භූමියේ විශාල භූමි ප්‍රමාණයක් තම පාලනය යටතට ගෙනැවිත් යහපත් පරිපාලනයක් ස්ථාපිත කලේය.

ඉන්දීය රජයේ ද්‍රෝහිකම සහ ලබාදුන් අවි ආයුධ බලයෙන් මහින්ද රාජපක්‍ෂගේ නායක්තවයෙන් යුත් සිංහල රජය විසින් සිදුකල යුද්ධයේදී, විමුක්ති කොටි සංවිධානයට බසුබෑමට සිදුවූ අතර, ඊළාම් දෙමළ ජනතාව ලක්‍ෂ ගණනක් කිසිඳු අනුකම්පාවකින් තොරව ඝාතන කරන ලදි. එහි සිදුවූයේ කුරිරු දෙමළ ජාති ඝාතනයකි.

ජිනීවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, සම්මත කරගත් යෝජනාවේ, ශ්‍රී ලංකා රජය විසින් සිදුකල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන කමිටුවක් පිහිටුවන ලදි. නමුත්, එම විමර්ශන කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසරය ලබානොදුන්නා පමණක් නොව, වරදකරු විනිසුරුවරයෙකු වූවාමෙන් ‘ශ්‍රී ලංකාවේ ගැටළුව තමන් විසඳාගන්නෙමු’ යනුවෙන් මහින්ද රාජපක්‍ෂ නිවේදනය කරන ලදි.

ඉන්දියාවේ හිටපු එක්සත් ප්‍රගතිශීලි සන්ධාන රජය, මානව හිමිකම් න්‍යායට එරෙහිව ජාති ඝාතනයක් සිදුකල සිංහල රජයට සහයෝගීව කටයුතු කරන ලදි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු නව රජය 2014 වර්ෂයේ මැයි මාසයේදී පිහිටුවූ පසු, ඊළාම් දෙමළ ජනතාවගේ ගැටළුව සම්බන්ධයෙන් ඉන්දියාවේ හිටපු එක්සත් ප්‍රගතිශීලි සන්ධාන රජය අනුගමනය කල ප්‍රථිපත්තිය නව රජයත් අනුගමනය කර, ඊළාම් දෙමළ ජනතාවට ද්‍රෝහිකම් කිරීමට ආරම්භ කරන ලදි.

2015 වර්ෂයේ මාර්තු මස ජිනීවාහිදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට, ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ නව රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඊළාම් දෙමළ ජනතාවට යුක්තිය ඉටුකර දෙන මෙන් වංචනික ස්වරූපයක් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වමින් පසුගිය රජයේ ජාතිවාදි ප්‍රථිපත්ති අනුගමනය කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ තීන්දුව පලවූ පසු ‘සිංහල ජාතිවාදය යන න්‍යායේ තවත් එක් ස්වරූපයක් මෛත්‍රීපාල සිරිසේන’ යනුවෙන් මා නිවේදනයක් නිකුත් කළෙමි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඊළාම් දෙමළ ජනතාවගේ පාරම්පරික මාතෘ භූමිය යන්න මෛත්‍රීපාල සිරිසේන පිළිගෙන නොමැත. එහි ස්ථාන ගතවී සිටින සිංහල හමුදාව සහ පොලීසිය මොනයම් හේතුවක් මතවත් ඉවත් නොකරන බව ප්‍රකාශ කල අතර, ජාත්‍යන්තර විමර්ශනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බවට නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවත් පියවරක් ඉදිරියට තබා ශ්‍රී ලංකාව තුල කිසිඳු ඒකීය පාලන ක්‍රමයක් හැර ෆෙඩරල් පාලන ක්‍රමයකට අවස්ථාවක් නොමැති බව අභිමානයෙන් ප්‍රකාශ කර ඇත. ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට බලය බෙදාහැරීමක් ලැබෙන බවට මෙහි සිටින ඇතැම් පණ්ඩිතයින් තවදුරටත් මුලාවට ලක්වන කටයුතු වල නිරත නොවිය යුතුය. නව ජනාධිපතිවරයා ලෙස පදවි ප්‍රාප්තිය ලබා සිටින මෛත්‍රීපාල සිරිසේනගේ පසුගිය ඉතිහාසය කුමක්ද? යන්න තමිල්නාඩු දෙමළ ජනතාව සහ ලෝක දෙමළ ජනතාව දැනගත යුතුය.

ඔහු 1968 වර්ෂයේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට එක්විය. ඉන් අනතුරුව ඔහු ඉන්දියාවට එරෙහිව සහ දෙමළ ජනතාවට එරෙහිව කටයුතු කල පක්‍ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී, 1971 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ වරදට බන්ධනාගාර ගතකරන ලදි. 1973 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී, ජාති ඝාතක මහින්ද රාජපක්‍ෂගේ රජයේ මහලේකම් වශයෙනුත්, තාවකාලික ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත. මුල්ලිවායික්කාල්හිදී පැවැති අවසන් සටනේදී, ඊළාම් දෙමළ ජනතාව ලක්‍ෂ ගණනක් ඝාතනය වූ අවසන් දින කිහිපයේදී, හමුදාවට අණදෙන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

සිංහල දේශපාලන පක්‍ෂ අතර ඇතිවූ මතගැටුම් හේතුවෙන්, මහින්ද රාජපක්‍ෂගේ රජයෙන් ඉවත්වී, පැවැති ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වී මැතිවරණයෙන් ජයග්‍රහණය කර, මේ වනවිට ජනාධිපතිධූරය හොබවමින් සිටියි. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඊළාම් දෙමළ ජනතාව ඝාතනය කල එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ කණ්ඩායම කටයුතු කර ඇත. මෙවැනි පසුබිමක් ඇති ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා නවදිල්ලියට පැමිණීමට නියමිතය.

2009 වර්ෂයේ ලොවම හඩවන අන්දමින් කුරිරු දෙමළ ජාති ඝාතනයක් සිංහල හමුදාව සිදුකල අවස්ථාවේදී, ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ මෛත්‍රීපාල සිරිසේන බව කිසිඳු පුද්ගලයෙකු අමතක නොකල යුතුය. ඊළාම් දෙමළ ජනතාවගේ රැධිරය ඔහුගේ දෑත් වලත් තැවරී ඇත. 2015 වර්ෂයේ මාර්තු මස ජිනීවාහිදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ තත්වය සාමාකාමී යන අසත්‍ය මතයක් ඇතිකිරීම සඳහා ඉන්දීය - ශ්‍රී ලංකා රජයන් කුමන්ත්‍රනයක් සිදුකරමින් සිටියි. එහි ප්‍රථම අදියර ලෙස, ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරය වේ.

ශ්‍රී ලංකාවේ සිරගත කර සිටින දෙමළ රැඳවියන් නිදහස් නොකර, දෙමළ ඊළාම් මාතෘ භූමියේ ස්ථාන ගතවී සිටින හමුදාව ඉවත් නොකර, යුද්ධයේදි අතුරුදහන් වු පුද්ගලයින් පිළිබඳව කිසිදු තොරතුරක් හෙලි නොකර, සිංහල ගම්මාන ඉදි කිරිම සඳහා ආක්‍රමණය කල දෙමළ ජනතාවගේ ඉඩම් නැවත ලබා නොදි ජාත්‍යන්තර ප්‍රජාව මුලා කිරිම සඳහා දෙමළ ජනතාවට තම රජය විසින් නිවාස ඉදි කර දෙන බවට අඩබෙර ගසමින්, කුමන්ත්‍රණකාරි වැඩපිළිලෙක් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකරමින් සිටින බව මාතෘ භූමියේ සිටින දෙමළ ජනතාව සහ මානව හිමිකම් ක්‍රියාකරුවන් අවබෝධ කරගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නවදිල්ලියට පැමිණ අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවී සාකච්ඡා කර, ඉන් අනතුරුව තමිල්නාඩුවේ කාන්චිපුරම් වලට පැමිණ කෝවිලට සහ බුද්ධගයාවට යාමට සැලසුම් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය රහසිගතව කටයුතු කරන බවත් දැනගැනිමට ලැබි ඇත. සිංහල රජය විසින් අපගේ ලේ ඥාතීන්ව කුරිරු ලෙස ඝාතනය කරමින් සිටි අවස්ථාවේදී එය නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමින් තම සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානිකර ගත් මුත්තුකුමරන්ගේ භූමිය තමිල්නාඩුව බව ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති නරේන්ද්‍ර මෝඩි අමතක නොකල යුතුය.

හානි සිදුවන කටයුතු වල නිරත නොවන ලෙස අනතුරු අඟවන්නෙමු. ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමිල්නාඩු දේශ සිමාවට පා තැබුවහොත්, එයට එරෙහිව එම්ඩීඑම්කේ පක්‍ෂය කළු කොඩි පෙන්වා විරෝධය දක්වන්නෙමු. ඊළාමි දෙමළ හිතකාමින්, තරුණයන් සහ සිසුන් මෙම විරෝධතාවයට සහභාගි විමට නියමිතය” යනුවෙන් එම නි‍වේදනයේ සඳහන් කර ඇත‍.


ලංකාටීනිව්ස් ඇසුරෙණි

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us