පරිසර අධිකාරිය, රණතුංගලාට අත්වැල්තොට ඇල්ල වසා දමන්න අවසර දෙයි Featured

Published in පුවත්
Sunday, 15 February 2015 12:29
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර  ප්‍රාදේශීය සභා සීමාවේ පවතින 'අත්වැල් තොට දිය ඇල්ල' හරස් කරමින් පෞද්ගලික  ජල විදුලි බලා ගාරයක් ඉදිකිරීමට විරුද්ධවූ එම ගම්වාසීන්ට ධම්මික රණතුංග හා ඔහුගේ මැර කණ්ඩායකම් විසින් තර්ජනය කර ඇති බව ලංකාඩේලි වෙත වාර්තාවේ.
 
ව්‍යාපාරිකයකු වන ධම්මික රණතුංග යනු අර්ජුන රණතුංගගේ සොහොයුරාවන  අතර මෙම විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා දේශපාලන අධිකාරියේ සහය ලබා දෙමින් සිටින්නේ අනෙක් සොහොයුරකු වන බස්නාහිර පළාත් සභා මහ ඇමැති ප්‍රසන්න රණතුංගය.
 
මෙම දිය ඇල්ල හරස් කරමින් විදුලි බලාගාරයක් ඉදිකිරීම නිසා එම පරිසරයට දැඩි හානියක් සිදුවන බවත් එමඟින් දිය ඇල්ලේ සුන්දරත්වයට මෙන්ම එම ජලයෙන් ප්‍රදේශවාසීන් ලබා ගන්නා ප්‍රයෝජනයද අහිමිවන බව පවසමින්  පාලින්ද නුවර  'වීදිය බණ්ඩාර මහ විද්‍යාලයේ විදුහල්පති බී. එම්. ඩී සිසිර බණ්ඩාර මහතා'  ප්‍රමුඛ පිරි  පසුගියදා 'මධ්‍යම පරිසර අධිකාරිය'ට පැමිණිළි කර ඇත. 
 
එහෙත් මේ සම්බන්ධයෙන් එම අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොමැති නමුත් මෙම ව්‍යපාරිකයා හා ඔවුන් එකඟතාවයකට ගොස් ඇත. ඒ අනුව මෙලෙස කෙරෙණු පැමිණිල්ලේ සියලු ලිපි ගොනු එම ව්‍යාපාරිකයා අතට පත් කිරීමටද එම අධිකාරියේ නිළධාරීන් කටයුතු කර තිබේ.
 
ඒ අනුව මීට දින කිහිපයකට පෙර ධම්මික රණතුංග බව කියා ගත් අයකු හා මැර කණ්ඩායමක් විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඔහු විසින් අධිකාරියට ලබා දුන් පැමිණිල්ල හා අනෙක් ලිපි ගොනුව පෙන්වමින් තර්ජනය කර ඇත්තේ 'දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්.. කවුරු විරුද්ධ වුනත් මෙක අපි කරනව.. අධිකාරියේ අවසරයත් අපට ලැබිලා තියෙන්නෙ.. ඒ නිසා වැඩිය  දඟලන්නේ නැතුව සිටියොත් හොඳයි.. ලෙසත් ආදී වශයෙන්  පවස තිබේ.
 
 
මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියේ  'තුඩුගල' නමින් හැඳින්වූ නිළධාරියා ඇතුළු පිරිසකට මෙම පැමිණිල්ල බාර දුන් බවය. එලෙස බාර දුන් පැමිණිල්ල මෙම ව්‍යාපාරිකයන් අතට පත්වීම බරපතල කරුණක් බවත්  මෙම තත්වය මත පරිසරය සම්බන්ධයෙන්  වගකිවයුතු ප්‍රධානම ආයතනයක් මෙලෙස කටයුතු කරන්නේ නම් තවදුරටක් පරිසරය සම්බන්ධයෙන් වත්මන් රාජ්‍ය පාලකයන් හා කතා කිරීමේ තේරුමක් නැති බවත්ය.
 
අත්වැල්තොට දිය ඇල්ල පිහිටි වනාන්තර ප්‍රදේශය සිංහරාජ වනයේ මායිමේ පිහිටි අතර  ගමයි වනාන්තරයයි අතර අපූර්ව ආදර්ශයක් සහිත ප්‍රදේශයක් ලෙසද පරිසරවේදීන් හඳුන්වයි.එමෙන්ම මෙය කළුතර දිස්ත්‍රික්කයේ පවතින උසම දිය ඇල්ල ලෙසද සැලකේ
at-3
 
Capture a

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us