ඩේලි නිවුස් ලලිත්ට - සන්ඩේ ඔබ්සර්වර් ලක්ෂ්මන්ට!

Published in පුවත්
Sunday, 15 February 2015 12:14

ආණ්ඩුව පත්වී සති 5 ක කාලයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පලකරන ප්‍රධානතම ජාතික පුවත්පත් දෙකක් වන ‘ඩේලි නිවුස්' හා ‘සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පත් සඳහා රාජපක්ෂ වන්දිභට්ටයින් වෙනුවට ස්වාධීන ජේෂ්ඨ මාධ්‍යවේදීන් දෙපලක් පත් කර එවීමට රජය කටයුතු කර ඇතැයි ‘ලේක් හවුස්' ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව 'ඩේලි නිවුස්' පුවත්පතේ කතෘ පදවිය සඳහා ජේෂ්ඨ පුවත්පත් කලාවේදී ලලිත් අලහකෝන් මහතාත් 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ කතෘ පදවිය සඳහා ජේෂ්ඨ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් ගුණසේකර මහතාත් පත්කර තිබේ. ජේෂ්ඨ පුවත්පත් කලාවේදී ලලිත් අලහකෝන් මහතා පුවත්පත් කිහිපයකම කතෘ පදවි දරා ඇති අතර මෙම පත්කිරීමට පෙර 'විජය' පුවත්පත් සමාගමේ කතෘ මණ්ඩල උපදේශකයෙකු ලෙස සේවයේ යෙදී සිටි ඇත. ලක්ෂ්මන් ගුණසේකර මහතා දකුණු ආසියාතික නිදහස් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා පාර්ශවයේ ආරම්භක සභාපතිවරයාය. එසේම ලක්ෂමන් ගුණසේකර මහතා මීට ප්‍රථමවද ‘සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ කතෘ පදවිය දරා තිබේ.

රජය මීට පෙර දිනමිණ පුවත්පතේ කතෘ පදවිය සඳහා එම පුවත්පතේ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක් කතෘ පදවියට පත්කිරීමට කටයුතු කළ අතර ඒ අනුව පුෂ්පා රෝවෙල් මහත්මියට එම පදවිය හිමිවූවාය. එමෙන්ම සිළුමිණ පුවත්පතේ කතෘ පදවිය සඳහා ජේෂ්ඨ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් පියසේන මහතා පත්කරන ලදී.

lanka news web

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us