subash
කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැව්වේ දුටුගැමුණු කුමරු නොවේ. මහානාම හිමි යි - ආචාර්ය රාජ් සෝමදේව
ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ විසින් රචිත ‘‘මහ රජ ගැමුණු ජයමග ඔස්සේ’’ කෘතිය පසුගිය 10 වන දින කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජන ගත කෙරිණ. මැටරඹ හේමරතන නාහිමිපාණන් මෙම උත්සවයේ මුලසුන හෙබවූ අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි සහ මහාචාර්ය රාජ් සෝමදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන මහත්වරු දෙසුම් පැවැත් වුහ.
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට කුමාර් සංගක්කාර මේ මොහොතේ සමත්වූයේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිළිරුවක් දේවාලයක විවෘත කිරීමට දරණ ලද ප්‍රයත්නයක් අගමැතිවරයා ඊට අප්‍රසාදය පලකිරීමත් සමග අදාළ පාර්ශවයන් විසින් අත්හැර දමා තිබේ.
මහින්දව අගමැති කරන්න කාගෙන්වත් ඉල්ලීමක් නෑ - අනුර යාපා
ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙසට කිසිදු පාර්ශවයක් මෙතෙක් ඉල්ලීමක් කර නැතැයි එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය සඳහා සහභාගි වන්නේ දාහත් දෙනකුගෙන් යුත් පිරිසක් පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක් කීවේය.
ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොයිවසිල්ලෙන් බලාසිටි ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ නවසීලන්තයේදී පැවැත් උනා. මුල්ම තරඟය ලෙස අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 3.30ට පමණ නවසීලන්තය සහ ලංකාව අතර ක්‍රිකට් තරඟය පැවැත්වෙනවා.
ගුණරත්නම් ඕස්ට්‍රේලියනු පුරවැසිභාවය අත්හරින්නට එකඟවේ
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවත් ඔහු මෙහි රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවත් නියෝජ්‍ය සොලිස්‌ටර ජනරාල්ල් විරා දයාරත්න මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
පඩි පාලක සභාව යටතේ ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ එකඟ විය.අධිකරණ සහ කම්කරු සේවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් සමඟ ඊයේ(13) පැවැත් වූ සාකච්ජාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.
පසුගියදා නෙත් එෆ් ගුවන් විදුලි නලිකාවේ 'බැලුම්ගල' නැමැති වැඩ සටහනක් මඟින් සිදුකළ වැලිකඩ මිනිස් සංහාරයට අදාල අපහාසාත්මක හා ජනතාව නොමඟ යවන සුළු වැඩසටහනට එරෙහිව අද දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල පොලිස්පතිවරයාට භාර දී ඇත්තේ නීතිඥ උදුල් ප්‍රේමර්ත්න මහතා විසිනි.
නව ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාට කොළඹ, කොටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට සිදුව ඇත.
