මහින්දව අගමැති කරන්න කාගෙන්වත් ඉල්ලීමක් නෑ - අනුර යාපා

Published in පුවත්
Saturday, 14 February 2015 08:01

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙසට කිසිදු පාර්ශවයක් මෙතෙක් ඉල්ලීමක් කර නැතැයි එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ පෙරවරුවේ පැවැති රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එම රැස්වීමේදී ගනු ලැබූ තීරණ අද රැස්වන පක්ෂ විධායක සභාවට දැනුම්දීමට ද නියමිත බව සඳහන්ය.

මෙහිදී මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන නායකයන් තිදෙනා එක්‌විය යුතු බව ශ්‍රීලනිපයේ මධ්‍යමකාරක සභාවේ යෝජනාව වී තිබේ.

අනුමැතිය සඳහා යෝජනාව අද පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභාවටත්, සමස්‌ත ලංකා කාරක සභාවටත් ඉදිරිපත් කිරීමට නියමිතය.

උපදේශක මණ්‌ඩලයක්‌ ශ්‍රීලනිප ව්‍යවස්‌ථාවට ඇතුළත්ව තිබුණත් එයට බලතල සඳහන්ව නොතිබීම නිසා ඒ සඳහා බලතල ඇතුළත් විය යුතු බවට ද යෝජනා වී තිබේ.

ශ්‍රීලනිප තරුණ සම්මේලනය තරුණ පෙරමුණ ලෙසට වෙනස්‌ කිරීම ද ඇතුළු කරුණු කිහිපයක්‌ එහිදී යෝජනා වී ඇත.

අද පැවැත්වෙන සමස්‌ත ලංකා කාරක සභාවේදී ගනු ලබන තීරණ දැනුම් දෙන බවත්, එහිදී උණුසුම් පුවත් රටට හෙළිවන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

Last modified on Saturday, 14 February 2015 08:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us