ජනපතිගේ ඉන්දීය සංචාරයට සහභාගි වන්නේ 17යි ලු

Published in පුවත්
Saturday, 14 February 2015 07:52

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය සඳහා සහභාගි වන්නේ දාහත් දෙනකුගෙන් යුත් පිරිසක්‌ පමණක්‌ බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක්‌ කීවේය.

ජනාධිපතිවරයාගේ ප්‍රථම විදේශ සංචාරය තුළින් විදේශ සංචාරවලට වැය කරන අධික මුදල් ප්‍රමාණය අඩු කිරීමට පියවර ගෙන ඇතැයිද කී හෙතෙම පසුගිය පෙබරවාරි මාසයේදී හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ කළ සංචාරයට ඇමැතිවරු සහ නිලධාරීන් 72 ක්‌ සහභාගි වී ඇතැයිද කීය.

එමෙන්ම ඇතැම් විදේශ සංචර සඳහා නිළධාරීන් ට අමතරව පවුලේ හිතවතුන් දෙසියයකට වැඩි පිරිසක් සහභාගී වූ අවස්ථාද තිබිණි. අවසන් වරට ෂීසෙල්ස් දූපතේ කළ සංචාරයට විමල් වීරවංශ ඇමැතිවරයා සහභගී නොවූවද ඒ මහතාගේ බිරිඳවද සහභාගී කරවාගෙන තිබිණි.

විදේශ ඇමැති මංගල සමරවීර, විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්‌කරණ හා හින්දු ආගමික ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යන මහත්වරු ඇතුළු නිලධාරීන් දාහත් දෙනෙක්‌ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මෙම 15 වැනිදා ඉන්දියාව බලා පිටත්වන බවද හෙතෙම කීය.

ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කරන්නේ විශේෂිත ගුවන් යානයකින් නොව ඉන්දියාව වෙත ගුවන් ගමන් සිදු කරන සාමාන්‍ය ගුවන් යානයකින් බවද හෙතෙම කීය.

Last modified on Saturday, 14 February 2015 07:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us