ගුණරත්නම් ඕස්ට්‍රේලියනු පුරවැසිභාවය අත්හරින්නට එකඟවේ

Published in පුවත්
Saturday, 14 February 2015 07:47

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවත් ඔහු මෙහි රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවත් නියෝජ්‍ය සොලිස්‌ටර ජනරාල්ල් විරා දයාරත්න මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

කුමාර් ගුණරත්නම් ඕස්‌ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍රයකිනි. එම බලපත්‍රය වලංගු කාලසීමාව ඉකුත් ජනවාරි 31 දා අවසන් විය. ඒ නිසා ඔහු රටින් පිට විය යුතුය. නැත්නම් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ යුතු යෑයිද නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා කීය.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා එසේ පැවසුවේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ආගමන හා විගමන පාලකවරයා ඇතුළු රජයේ බලධාරීන් ගෙන ඇති තීරණය අවලංගු කරන්නැයි ඉල්ලා ගුණරත්නම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සමට රජයේ නීතිපතිවරයා දක්‌වන ප්‍රතිචාරය පැහැදිලි කරමිනි.

මෙම පෙත්සම ඊයේ (13 දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබූ නමුත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා උසාවියට පැමිණ සිටියේ නැත. ඒ නිසා පෙත්සම සලකා බැලීම ලබන 28 වැනිදා තෙක්‌ කල් දමන ලදී. කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පනවා තිබූ නියෝගය ක්‍රියාත්මක වීම ලබන 29 දා තෙක්‌ දීර්ඝ කෙරිණි.

ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවිණි.

කුමාර් ගුණරත්නම් යන අයගේ නීතිඥවරයා වන නුවන් බෝපගේ මහතා මගින් ගොනු කර ඇති පෙත්සමෙන් කියා සිටින්නේ ඔහු ශ්‍රී ලංකාවේ ඉපදී සෑහෙන කලක්‌ දෙමාපියන් සෙවනේ හැදී වැඩී පාසල් අධ්‍යාපන ලැබූ අයකු බවයි. ජනතා විමුක්‌ති පෙරමුණේ ඇතිවූ අභ්‍යන්තර අර්බුද නිසා සහ තවත් හේතූන් උඩ තම ජීවිතයට හානියක්‌ වේයෑයි බියෙන් ඕස්‌ටේ්‍රලියාවට ගිය බවත් එහිදී නොයෙල් මුදලිගේ යන නමින් පුරවැසිභාවය ලබාගත් බවත් තමා එසේ කළේ ඕස්‌ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබූ වහාම ශ්‍රී ලංකාවේ පුරවැසිකම තමන්ට ඉබේම අහිමි වන බව නොදැන බවත් කෙසේ වුවද ඕස්‌ටේ්‍රලියාවේ පුරවැසිකම අත්හැර ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාගෙන දිගටම මෙහි පදිංචිව සිටීම තමාගේ අපේක්‍ෂාව බවත් එතෙක්‌ තමා රටින් පිටුවහල් කිරීම වළක්‌වන ලෙස තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්‌ කරන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

තමා ශ්‍රී ලංකාවේ උප්පත්තිය ලැබූ අයෙකු නිසා කවර හේතුවක්‌ උඩ හෝ තම මව්බිමට තමාට ඇති අයිතිය කිසිවකු ට අහිමි කළ නොහැකි බවත් එසේ කිරීම නීතියට සහ සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි බවත් පෙත්සම්කරු කියා සිටී.

Last modified on Saturday, 14 February 2015 07:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us