පෞද්ගලික අංශයේ අවම වැටුප 10,000ක් වෙයි

Published in පුවත්
Saturday, 14 February 2015 07:34

පඩි පාලක සභාව යටතේ ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ එකඟ විය.අධිකරණ සහ කම්කරු සේවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් සමඟ ඊයේ(13) පැවැත් වූ සාකච්ජාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

වෘත්තිය සමිති නියෝජිතයන් සහ සේවායෝජකයන්ගෙන් උපදේශක සභාව සමන්විත වේ. රට පුරා පවතින හතළිස් දෙකක් වන පඩි පාළක සභා යටතේ එන පෞද්ගලික ආයතනවල සේවක වැටුප් සියයට පහළොවේ සිට සියයට තිස් පහකින් වැඩි කරවා ගැනීම සඳහාද පඩි පාළක සභාව යටතට නොඑන ආයතනවල සේවක වැටුප් සියයට දහයකින් වැඩි කරවා ගැනීමට සහ එම ආයතනවල සේවක අවම වැටුප රුපියල් දස දහස දක්වා වැඩි කර ගැනීමට පඩි පාළක සභා සමඟ සාකච්ජා කිරීමට ද උපදේශක සභාව එකඟ වී තිබේ.

ඊයේ පැවති සාකච්ජාවට කම්කරු අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගී වූහ. පසුගිය 29 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නව රජයේ අතුරු අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි වූ අතර පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද රජය ප්‍රකාශ කළේය.

 

 

dinamina

Last modified on Saturday, 14 February 2015 07:45

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us