රුවන් ආරක්ෂක අමාත්‍යංශයෙන් දොට්ට Featured

Published in පුවත්
Friday, 13 February 2015 16:00

නව ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාට කොළඹ, කො‍ටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට සිදුව ඇත.

ඒ අනුව කොල්ලුපිටියේ රේණුකා ගොඩනැගිල්ලෙන් කුලී පදනම යටතේ ලබා ගත් කාර්යාලයකට විජේවර්ධන මහතා හා ඔහුගේ කාර්ය මණ්ඩලය ලබන සතියේදී ගෙවැදීම සිදුවනු ඇත.

කෙසේ නමුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එම අමාත්‍යංශය යටතේ වන ආයතන 14 න් වගකීමක් පැවැරී ඇත්තේ ආයතන 4 ක පමණය. අනෙක් ආයතන 10 හි වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත්කර ඇත. ඒ අනුව රුවන් විජේවර්ධන මහතාට අයත් වන්නේ ආරක්ෂක සේවා පාසල ,ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය පමණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයට රුවන් විජේවර්ධන මහතාව පත් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර රුවන් විජේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනාද වෙයි.

පසුගිය පාලන සමයේදී ආරක්ෂක අමාත්‍යංශය යටතේ ආයතන 19 ක් පවැතිනි.

Last modified on Friday, 13 February 2015 16:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us