ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නම රැන්දූ නායකයින්

Published in අනං මනං
Saturday, 14 February 2015 07:49

ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොයිවසිල්ලෙන් බලාසිටි ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ නවසීලන්තයේදී පැවැත් උනා. මුල්ම තරඟය ලෙස අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 3.30ට පමණ නවසීලන්තය සහ ලංකාව අතර ක්‍රිකට් තරඟය පැවැත්වෙනවා.

මේ වසරේ පවත්වන්නේ 11වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියයි. ඒ කියන්නෙ ක්‍රිකට් තරඟාවලි 10ක් අපි පහු කරගෙන ඇවිත්. ඒ විවිධ තරඟාවලි වලදී ජය හිමි උනේ විවිධ රටවල්වලට.

ජයග්‍රහණය ගැන කතා කිරීමේදී මේ කණ්ඩායම් වල නායකත්වය ගැන අනිවාර්යෙන් කතා කරන්න වෙනවා. වෙන ක්‍රීඩාවලට වඩා ක්‍රිකට් වලදී නායකයාගේ කාර්යභාරය ගොඩක් වැදගත් වෙනවා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඒ ආකාරයට නම රැඳවු නායකයින් කිහිප දෙනෙක් ගැන කියන්නයි මේ සුදානම.

criket1

criket2

Clive Lloyd - Clive Lloyd නම බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉතිහාසයේ මෙන්ම ක්‍රිකට් ඉතිහාසයේත් සදා අමරණීය නමක්. 1975 වසරේ පළමු ලෝක කුසලානය දිනාගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත විසිනුයි. එහි නායකත්වය ඉසිළුවේ Clive Lloyd විසින්. ඒ වසරේ පැවති පළමුවෙනි ලෝක කුසලාන තරඟයේදී ඔහු ශතකයක් ලැබීමට සමත් උනා. විශේෂම කරුණ වන්නේ දෙවන ලෝක කුසලාන තරඟාවලියේදී ද ඔහුගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ලෝක කුසලානය දිනා ගැනීමයි.

criket3

Kapil Dev- 1983 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවට ජය ලැබීමට සමත් වුවේ කපිල් දේව්ගේ නායකත්වය යටතේයි.

criket4

Allan Border - 1987 වසරේ ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ලෝක කුසලානය හිමි වුවේ ඇලන් බෝඩර්ගේ නායකත්වයෙනි.

criket5

Imran Khan - 1992 දී ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පකිස්ථාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ කරමින් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් උනා. අවසන් තරඟයේදී ලකුණු 75ක් රැස් කළ ඉම්රාන් ඛාන් දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ නායකයෙකු ලෙසද මෙහිදී කැපී පෙනුනා .

criket6

Arjuna Ranatunga - මේ නම ලංකාවේ ජීවත්වෙන කිසිම කෙනෙකුට අමතක නොවෙන නමක්. ලංකාව පළමු වරට ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනු ලැබුවේ 1996 වසරේ අර්ජුන රණතුංගගේ විශිෂ්ට නායකත්වය යටතේයි.

criket7

Steve Waugh - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයා ලෙස සැළකෙන මොහු 1999 වසරේදී ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට ලබා දීමට දායක උනා.

criket88

criket9

Ricky Ponting - 2003 සහ 2007 යන වසර දෙකෙහිදීම ඕස්ට්‍රේලියාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීමේදී එහි නායකත්වය දැරුවේ රිකී පොන්ටින් විසිනුයි.

criket10

M.S. Dhoni - 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව හිමි කරගනිද්දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරුවේ දෝනි විසිනි.

Last modified on Saturday, 14 February 2015 07:52

ක්‍රීඩා

Connet With Us