News Items (18842)
එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ විමත් සමග ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරු ජයසූරිය මහතාට දුරකතනයෙන් අමතා සුබ පතා තිබේ.
මංගල සමරවීර මහතා පක්‍ෂයේ ඇතැම් සිදුවීම් නිසා යම් යම් සිත් තැවුල් ඇතිකරගෙන සිටින නමුත්, තමාගේ විශ්වාසය අනුව ඔහු කිසිදාක යළි ගිලෙමින් යන සන්ධාන ආණ්ඩු නැවට ගොඩනොවන බව ස්ථිර යයි එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
චාල්ස් කුමරු විසින් කොලොම්බියාවේදී නිරාවරණය කළ සමරු ඵලකයකට එරට වැසියන්ගේ විරෝධතාවය පළ වී අැත.
හැටන් – නුවරඑළිය ඒ 7 ප‍්‍රධාන මාර්ගයේ ඉදිකළ නව උමං මාර්ගය ඊයේ දිනයේ සිට එකිනෙක යා කෙරුණි.
සංචාරකයින්ට නුවරඑළියේ සංචාරයට අාරාධනා
Published in
පුවත්
Saturday, 08 November 2014 13:32
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 දක්වා පහත බැස තිබේ.ඇතැම් ප‍්‍රදේශවලට මල් තුහීන තත්ත්වයන් ද පවතී.
හින්දූන් පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා නිර්මල් ගංඟා නමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මකය.
අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන දෙදරු මවකි. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා ගොස් අැත. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන් කරන ලද ඇගේ සැමියා වන මධුෂ්කව සොයා ගැනීමට දිවා රෑ නොබලා වෙහෙසෙන අතර තුරදීය.
බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් අප්‍රසාදයෙන්
Published in
පුවත්
Saturday, 08 November 2014 11:46
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට සිදුකරන බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් සීඩ් රා අඩ්අල් හුසේන් සිය අප්‍රසාදය පළ කර තිබේ.
දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකියි- IPCC වාර්තාව තීරණාත්මකයි
Published in
පුවත්
Saturday, 08 November 2014 11:19
දේශගුණය වෙනස්වීම වැලැක්විය නොහැකි මට්ටමට එළඹ ඇති බවත් කිසිදු සැකයකින් තොරව එයට තුඩුදුන් හේතු මිනිස් ක්‍රියාකාරීකම් නිසා ඇති වූ ඒවා බවත් වවිධ රටවල ව්ෂේශඥයන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණය වෙනස්වීම පිළිබඳ අනතර්ජාතික මණ්ඩලය (IPCC) ඩෙන්මාක්හි කෝපන්හේගන් අගනුවර පැවැති රැස්වීමේදී එකඟව නිකුත් කළ විෂ්ලේශන වාර්තාවේ සඳහන් වෙයි. මේ වර්තාව පසුගිය හත්වසර තුළ දේශගුණය වෙනස් වීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඉතාමත් පරිපූර්ණ වාර්තාව වශයෙන් සැලකේ.
ජාතියක් අයාලේ යැවීමට ( වැරදියට පාලනය කිරීම) අවශ්‍ය පළමු සර්ව-විරෝධීනාශකය වනාහී, ව්‍යවාහාර මුදලේ උද්දමනයය. දෙවැන්න යුද්ධයය. මෙම දෙකින්ම තාවකාලික සමෘද්ධිය ලබාදෙන අතර දීර්ඝකාලීන විනාශය ලැබේ. නමුත් මෙම දෙකම දේශපාලන සහ ආර්ථික අවස්ථාවාදීන්ට රැකවරණය ලබාදේ.
- ආර්නස්ට් හෙමිංවේ ( මීළඟ යුද්ධය ගැන සටහන් - සැප්තැම්බර් 1939)
නිලන්ත ඉලංගමුව
ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම අවස්ථාවේදී ඇති වඩාත් වැදගත්ම උපක්‍රමය වනාහී තවත් වසර දෙකකට පසු නියමිත කාලය එළඹී පසු මැතිවරණයකට යෑමය. ඔහුට, ඔහුගේ බලය රැක ගැනීම සඳහා අතිශය ඉහවහ ගිය කෑදරකමක් තිබේනම් ඔහුට ඇති දෙවන සහ වැදගත්ම විසඳුම වනාහී ජනමතවිචාරණයකට යාමය.නමුත් එය ජාතික වශයෙන් කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් රට තවදුරටත් හුදෙකලා කිරීමකට මාර්ගය පාදනු ඇත. මන්ද ජනමතවිචාරණයකින් ඔහුගේ ජය නිශ්චිත වුවද ඊට එරෙහි මතවාදය පුළුල් වනු ඇත.
