ආර්ථික විද්‍යාව පිළිබඳ සුප්‍රසිද්ධ මහාචාර්යවරයකු වන ජගත් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා)  අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (1999-2003) උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා 1994-1999 දක්‌වා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙසද 2003-2008 දක්‌වා ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

මෑත කාලීනව රාජපක්‍ෂ රෙජීමයේ ප‍්‍රබලතම විවේචකයකු වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා නැවත ආණ්ඩුවට සම්බන්ධවිමට යන බවට කටකතා පැතිරී යාමත් සමග මංගල සමරවීර මහතා එජාපය තුළ රඳවාගැනීම උදෙසා අන්තර්ජාල පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ වී ඇත.

ඉන්දීය කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මාලඹේ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් වෙත ගොස් විශාල පියයුරු අඩුකර ගැනීමට ප්‍රතිකාර ගෙන අසාත්මිකතාවට ලක්වූ කැලණිය සිරිල් මැතිව් මාවතේ පදිංචි කාන්තාවකගෙන් අද (06දා) දින තලංගම පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එබෝලාට එරෙහිව ඔබාමා

Published in පුවත්
Thursday, 06 November 2014 14:12
එබෝලා මර්දනය සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් එක්රැස් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සූදානම්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව සහ ග්‍රාමීය ප්‍රදේශවල නායයෑමේ අවදානමක් තිබෙන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායම් හයක් පරීක්ෂණ කටයුතුවල නියැළී සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.

නොවැම්බර් 04 දින සිට 10 වන දා දක්වා ප්‍රකාශයට පත්කළ ජාතික විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක් සංවිධාන කොට තිබේ.

මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර තත්වයට පත්ව අැත.

ජාතික හැදුනුම්පත රැගෙන මාස 06කට වඩා විදෙස් රටක සිටිනවා නම් හැදුනුම්පත පුද්ගලයින් ලියාපදංචිකිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට භාරදියයුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසයි.

දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහායකයන් 50,000ක් වසර 5ක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලක සේවය කිරීමේ කොන්දේසියට යටත් ව බඳවා ගෙන වසර 4ක සේවයකින් පසු එම ගුරු සහයකයන්ට අධ්‍යාපනවේදී උපාධියක් ලබා දී උපාධිධාරී ගුරුවරුන් ලෙස ස්ථිර කර ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට 2015 අයවැයෙන් ඉඩ සලසන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Connet With Us