නායයෑමේ අවදානමක් තිබෙන ස්ථාන පරීක්ෂා කෙරේ

Published in පුවත්
Thursday, 06 November 2014 13:33
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව සහ ග්‍රාමීය ප්‍රදේශවල නායයෑමේ අවදානමක් තිබෙන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායම් හයක් පරීක්ෂණ කටයුතුවල නියැළී සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ නායයෑමේ ස්ථාන වශයෙන් දැනට හඳුනාගෙන ඇති කොත්මලේ, රම්බොඩ, වැවන්ටන්, බගවන්තලාව, මස්කෙළිය, හැටන්, නුවරඑළිය, එළමුල්ල, රාගල දියනිල්ල යන ප්‍රදේශවල පවුල් 564 කට අයත් සාමාජිකයන් 2521 දෙනෙකු අවතැන් කඳවුරු 20 ක තාවකාලිකව නතරකර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
 
තේ වතු ආශ්‍රිතව නායයෑමේ අවදානමක් ඇති ස්ථානවලින් ඉවත් කරන ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා වතු පාලන අධිකාරිය මගින් දැනටමත් ඉඩම් ලබාදී ඇත.
එම ඉඩම්ද ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us