විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක්

Published in පුවත්
Thursday, 06 November 2014 13:22

නොවැම්බර් 04 දින සිට 10 වන දා දක්වා ප්‍රකාශයට පත්කළ ජාතික විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක් සංවිධාන කොට තිබේ.

මෙය 08 වන දින පෙ.ව. 7.30 ට විද්‍යා පාගමන මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වී නිදහස් වටරවුම, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපසින් ගමන්කොට තුම්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රය කරා ළඟාවීමට නියමිතය.

මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාඥයින් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්,ත්‍රිවිධ හමුදා නිළධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සහ ආරාධිතයන් ඇතුළුව 2000 කට ආසන්න පිරිසක් සහභාගීවීමට නියමිත වේ.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතීන් විදහා දක්වමින් හා නවෝත්පාදනයන් සමඟින් නිර්මාණාත්මකව ජාතික විද්‍යා පා ගමන පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය තාක්ෂණය, යුද තාක්ෂණය, ජල රොකට්, පෙරටු කරගනිමින් පැවැත්වීමට නියමිත ජාතික විද්‍යා පා ගමන ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් වනු ඇත.

නොවැම්බර් මස 08 වන සෙනසුරාදා දින උදෑසන 7.30 ට ආරම්භ කෙරෙන ජාතික විද්‍යා පා ගමන සඳහා සහභාගී වන සියළු දෙනාට දේශීය ඖෂධ වලින් සකස් කෙරුණු කොළ කැඳ පානයක් ලබාදෙන අතර පාගමනට සහභාගීවන සියළුම දෙනාට T - Shart සහ හිස් පළඳනාවක් ලබාදෙනු ඇත. පා ගමනේ මුළු දුර ප්‍රමාණය 3.5 Km පමණ වන අතර පැය 1 කුත් විනාඩි 20 කින් පමණ පා ගමන අවසන් කිරීමට නියමිත අතර ගමන අවසානයේ සියළුම දෙනාට වස විස වලින් තොර දේශීය ආහාර වේලක් ලබාදීමට නියමිතය.

සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 දින සිට නොවැම්බර් 10 දින දක්වා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළේය.

නොවැම්බර් 04 දින සමාරම්භය සනිටුහන් කළ ජාතික විද්‍යා සතිය 2014 ට සමගාමීව විශේෂ විද්‍යා කලාපයක් අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මූලිකව බෞද්ධාලෝක මාවත, නිදහස් චතුරස්‍රය පරිශ්‍රය අවට භූමියේ ක්‍රියාත්මක අතර මෙම කලාපය තුළ විද්‍යා ප්‍රදර්ශන, විවිධ නව නිපැයුම්, ජල රොකට් තරඟ, ජෝතිෂ්‍ය හා විද්‍යාව පිළිබඳ සංවාද, විද්‍යා චිත්‍රපට, විද්‍යාත්මක දේශන හා වැඩමුළු, විද්‍යාවේ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු හා ග්‍රහලෝකාගාර නැරඹුම් දර්ශනද ඇතුළත්ය.

විද්‍යාවේ අභිවෘද්ධිය මතින් දැනුම් පදනම් නවෝත්පාදන ආර්ථීකයක් කරා යන ගමනට රුකුලක් වශයෙන් විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් පිරිපුන් සහ නවෝත්පාදන වලින් පෝෂිත සමාජයක් බිහිකිරීමේ මූලික අරමුණට මේ තුළින් දායකත්වයක් ලබාදීම අපේක්ෂා කරන අතර විද්‍යා කලාපය නැරඹීමට සහ නොවැම්බර් 08 වන දින උදෑසන පැවැත්වෙන විද්‍යා පා ගමන සඳහා සහභාගීවීමට තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලෙන සියළුම දෙනාටත් විද්‍යාව හා නව නිර්මාණ කෙරෙහි ඇල්මක් දක්වන ඔබටත් ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

Walk Route - Science Week 2014

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us