මංගල නවත්තන්න අන්තර්ජාල පෙත්සමක්! Featured

Published in පුවත්
Friday, 07 November 2014 10:51

මෑත කාලීනව රාජපක්‍ෂ රෙජීමයේ ප‍්‍රබලතම විවේචකයකු වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා නැවත ආණ්ඩුවට සම්බන්ධවිමට යන බවට කටකතා පැතිරී යාමත් සමග මංගල සමරවීර මහතා එජාපය තුළ රඳවාගැනීම උදෙසා අන්තර්ජාල පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ වී ඇත.



We for Samaraweera
  යන facebook පිටුව හරහා පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය මගින්, මේ සම්බන්ධ ව අන්තර්ජාල පෙත්සම් දෙකක් එළිදක්වා ඇත.



 ඉන් පළමුවැන්න මගින්, පෙන්වා දී ඇත්තේ සමරවීර මහතාට විරුද්ධ ව එජාපයේ ‘‘ජනප‍්‍රිය යැයි තමන් විසින් ම කියාගන්නා පිරිසක් විසින්’’ දිගින් දිගට ම සිදුකරන කෙනෙහිලිකම් හේතුවෙන් ඔහු රජයට එක්වීමට යන බවට කටකතා පැතිරී ඇති බවයි. එවැන්නක් සිදු වී ඇත්නම් එය වහා ම වැලැක්විමට ක‍්‍රියාකරන මෙන් එජාප නායකත්වයට බලකිරීම එම පෙත්සමේ අරමුණයි. 


දෙවන පෙත්සම මගින් මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින්නේ එවැනි කෙනෙහිලිකම් සිදුවුවද ඒවායින් නොසැලී එජාපයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පක්‍ෂය තුළ රැඳී සිටිමින් ක‍්‍රියාකරන ලෙසයි.


මෙම පෙත්සම් දෙක කරා පහත ලිපිනයන්ගෙන් පිවිසිය හැක

 

http://www.ipetitions.com/petition/dont-let-the-dreamer-go

http://www.ipetitions.com/petition/dear-mangala-dont-let-your-fellow-dreamers-down

Last modified on Friday, 07 November 2014 15:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us