සචින්ගේ ජිවිත කතාව

Published in පුවත්
Thursday, 06 November 2014 11:17
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසින් රචනා කරන ලද ඔහුගේ ජිවිත කතාව අද, බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිතව තිබේ.
‘Playing It My Way’ ‘මගේ තාලයට කී‍්‍රඩා කිරීම’ යනුවෙන් නම් කර ඇති එම චරිතාපදානය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
 
මෙම ග‍්‍රන්ථයේ ඇතැම් කොටස් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එහි අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් දැනටමත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
 
2005 වසරේ සිට 2007 දක්වා ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ඕස්ටේ‍්‍රලියානු නායක ග්‍රෙග් චැපල්ගේ ක්‍රියා කලාපය සිය ස්වයං චරිතාපදානය මගින් සචින් තෙන්ඩුල්කාර් විවේචනය කොට තිබෙන අතර එම කාලපරිච්ඡේදය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුම යුගයක් හැටියටයි, ඔහු හඳුන්වා දී තිබෙන්නේ.
 
2007 ලෝක කුසලානයේදී පළමු වටයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට ඉන්දියාවට සිදු වූ අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වුණු ලෝක කුසලාන තරඟාවලියට මාස කිහිපයකට පෙර ඉන්දීය පිලේ නායකත්වය රාහුල් ද්‍රාවිඩ් ගෙන් ලබාගන්නා මෙන් ග්‍රෙග් චැපල් තමන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු සිය ග‍්‍රන්ථයෙන් හෙළිදරව් කොට තිබේ.
 
ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් තරඟාවලිය අත ළඟ තිබියදී නායකයාට කිසිදු ගරුසරුවක් නැතිව පුහුණුකරු කටයුතු කළ අකාරය පිළිබඳව තමන් පුදුමයට පත් වූ බවයි සචින් තෙන්ඩුල්කාර් එම සිදුවීම ගැන අදහස් දක්වමින් පවසා තිබුණේ.
 
නායකයෙක් ලෙස සචින් අසාර්ථකයි
 
එකල ඉන්දීය පිලේ හිටපු නායක සව්රව් ගංගුලි කණ්ඩායමෙන් ඉවත් කළ ආකාරයටම තවත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් රැසක් ඉවත් කිරීමට ග්‍රෙග් චැපල් සූදානමින් සිටි බවත් ඔහු සිය ස්වයං චරිතාපදානයේ හෙළිකොට තිබේ.
141105135250 sachin tendular with mother 624x351 sachinstwitter
 
සචින් තෙන්ඩුල්කාර් තම ජිවිත කතාවේ පළමු පිටපත ඔහුගේ මවට පිරිනමමින්
 
මෙම ග්‍රන්ථයේ හෙළිකරන කරුණු හිටපු ඕස්ටේ‍්‍රලියානු නායක ග්‍රෙග් චැපල් ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ තමන් කිසිවිටකත් ඉන්දීය පිලේ නායකත්වය බාරගන්නා ලෙස සචින්ගෙන් ඉල්ලා නොසිටි බවයි.
 
තමා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ කාලයේදී ලද පරාජයන් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීමටද වරෙක අදහස් කළ බව සචින් මෙම ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.
ටෙස්ට් තරග 25කදි ඉන්දියාව මෙහෙයවූ සචින් තෙන්ඩුල්කාර්ට ඉන් ජයගත හැකි වූයේ තරඟ 4ක් පමණයි. ඔහු යටතේ ඉන්දියාව තරග 9කින් පරාජයට පත්විය.
සචින් ක්‍රීඩාකළ තරගවල රසබර තොරතුරු මෙම ග්‍රන්ථයේ අඩංගුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වර්තකරන්නේ. ශ්‍රී ලංකික ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ තරග පිළිබඳවද රසබර හා ආන්දෝලනාත්මක කරුණු මෙම ග්‍රන්ථයේ සදහන් විය හැකියි.
 
සචින් තෙන්ඩුල්කාර් ලෝකයේ ටෙස්ට් හා එක්දින තරගවල වැඩිම ලකුණු ලාභියා වන අතර පසුගිය වසරේ ඔහු තම අවුරදු 24ක ක්‍රිකට් දිවියට සමුදුන්නේය.
 
(බීබීසී)
 
 
Last modified on Thursday, 06 November 2014 11:40

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us