දැනුම කේන්ද්‍රීය මානව සංවර්ධනයක් -බන්දුල ගුණවර්ධන

Published in පුවත්
Thursday, 06 November 2014 12:36

දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහායකයන් 50,000ක් වසර 5ක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලක සේවය කිරීමේ කොන්දේසියට යටත් ව බඳවා ගෙන වසර 4ක සේවයකින් පසු එම ගුරු සහයකයන්ට අධ්‍යාපනවේදී උපාධියක් ලබා දී උපාධිධාරී ගුරුවරුන් ලෙස ස්ථිර කර ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට 2015 අයවැයෙන් ඉඩ සලසන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන කටයුතු හා ප්‍රගතිය පිළිබඳ ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

දැනුම කේන්ද්‍රීය මානව සංවර්ධනය අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැයේ දරුවන් වෙනුවෙන් සිදුකර ඇති අධ්‍යාපනයේ සංවර්ධනය පිළිබඳ ව අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී මාධ්‍ය දැනුවත් කළේ ය.

2010 වර්ෂය වන විට සිසුන් නොමැති වීම, ගුරු හිඟය හා වෙනත් හේතූන් මත දිවයින පුරා වැසී තිබූ ප්‍රාථමික පාසල් 327ක් 2013වසර වනවිට විවෘත කර 'ළමා මිතුරු පාසල්' ලෙස යළි ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

යුනිසෙෆ් ආධාර සහිත ව සංවර්ධනය කළ ප්‍රාථමික පාසල් 1,500ක්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා එක් ව සංවර්ධනය කළ පාසල් 5000ක් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත සිසුන් 50ට අඩු පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් 1552ක් ආරක්ෂිත වැට, ගේට්ටු, ක්‍රියාකාරකම් කාමරය, සෙල්ලම් මිදුල හා සියලු ම සනීපාරක්ෂක හා විදුලි පහසුකම් සමඟ ප්‍රතිසංස්කරණය කර ළමා මිතුරු ප්‍රාථමික පාසල් ලෙස දරුවන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ‍ගත් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

2016 වන විට දරුවෙකු පාසල් අධ්‍යපනයෙන් සමුගන්නා විට අස්වීමේ සහතිකයට අමතරව තාක්ෂණවේදය හා සම්බන්ධ NVQ 3 සහතිකයක් හා නිපුණතා සහතිකයක් ද ලබා දීමට එම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇත.

මහරගම ඉදිකෙරෙමින් පවතින ව්‍යවසායකත්වය හා කළමනාකරණ විද්‍යාපීඨය මෙම වසරේ දෙසැම්බර් 31ට පෙර විවෘත කිරීමට අපේකෂා කරන අතර මේ වන විටත් උසස් පෙළ වාණිජ හා කළමනාකරණය අංශයෙන් සමත් සිසුසිසුවියන් 400ක් ඒ සඳහා ඇතුළත් කරගෙන ඇති අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී එහි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

රුපියල් 2500ක් වූ විද්‍යාපීඨ දීමනාව රුපියල් 4000ක් දක්වා වැඩි කිරීමට වූ 2015 අයවැය යෝජනාව පිළිබඳව ද අමාත්‍යවරයා සිය අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us