දෙලක්ෂයක පොරොන්දුවට කළ පියයුරු සැත්කම නිසා කාන්තාව රෝහලේ

Published in පුවත්
Thursday, 06 November 2014 14:41

මාලඹේ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් වෙත ගොස් විශාල පියයුරු අඩුකර ගැනීමට ප්‍රතිකාර ගෙන අසාත්මිකතාවට ලක්වූ කැලණිය සිරිල් මැතිව් මාවතේ පදිංචි කාන්තාවකගෙන් අද (06දා) දින තලංගම පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පියයුරු කුඩා කරගැනීම සඳහා රුපියල් දෙලක්ෂයකට පොරොන්දුවී රුපියල් 50,000 ක් ගෙවා කැළණියේ වෛද්‍යවරයකුගේ ගෙදරදී සැත්කමක් කරවා ගත් බව කියන කාන්තාව (41) කොළඹ ජාතික රෝහලට ඇතුළුවූ බව රෝහල් ආරංචි කියයි.

එම කාන්තාව පියයුරුවලින් සැරව ගලා යාම නිසා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ලොකු පියයුරු කුඩා කරන බවට පළවූ දැන්වීමක් අනුව ඇය ඔක්තෝබර් 17 වැනිදා මෙම සැත්කම කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් තොරව රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයාගෙන්ද ප්‍රශ්න කෙරෙන බව පොලීසිය කියයි.

Last modified on Thursday, 06 November 2014 14:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us