ගත වූ වසර කිහිපයට සාපේක්ෂව ඊයේ සහ අද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අධික සීත කාලගුණයක් පවතින බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී කුමාරසිරි මහතා පවසනවා. දිවා කාලයේදී අධික උණුසුමක් සහ රාත‍්‍රි කාලයේ මෙන්ම අළුයම් කාලයේදී අධික සීතලක් පවතින බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
මේ වන විට නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11 ක් වන අතර හෝර්ටන් තැන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 ක් දක්වා පහළ ගොස් තිබේ.
දෙස් විදේස් සංචාරකයින්ට නුවරඑළියේ හොඳ කාලගුණ තත්ත්වයක් පවතින බැවින් සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කරන ලෙස දිස්ත‍්‍රික් ලේකම්වරයා දැනුම් දීමක් කරයි.