මයුරිට සාධාරණයක් නැද්ද?

Published in පුවත්
Saturday, 08 November 2014 12:22
අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන දෙදරු මවකි. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා ගොස් අැත. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන් කරන ලද ඇගේ සැමියා වන මධුෂ්කව සොයා ගැනීමට දිවා රෑ නොබලා වෙහෙසෙන අතර තුරදීය.
අනුරාධපුර නව බස්නැවතුම්පොලේ පළතුරු කඩයක් පවත්වාගෙන ගිය ඇගේ සැමියා පැහැරගනු ලබන්නේ 2013 සැප්තැම්බර් 02වන දාය. ඒ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග ත්‍රීවිලරයකින් එමින් සිටින අතර තුර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මධුෂ්ක අතුලු ඔහුගේ මිතුරන් දෙදෙනා පැහැර ගෙන අැත. 
 
නමුත් පසුව මිතුරන් දෙදෙනා නිදහස් කළ මුත් මධුෂ්ක ගැන කිසිදු ආරංචියක් අද වනතුරුත් ලැබී නැත. මධුෂ්ක ගේ බිරිද මයුරි පවසන්නේ, පොලීසිය විසින් මේ පිළිදව කරන ලද පරීක්ෂණ පිළිබදව ඇයට කිසිදු විශ්වාසයක් නැති බවය. නමුත් මයුරිත් ඇගේ ඥාතීනුත් ඒක්ව අනුරාධපුර පොලීසිය අසලදීත්, අධිකරණය ඉදිරිපිටත් උද්ගෝෂණය කරමින් මධුෂ්කව සොයා දෙන ලෙස බලකරමින් සිටී. 
 
පසුගිය නොවැම්බර් 4වනදාත් අනුරාධපුර අධිකරණය ඉදිරිපිටත්, පොලීසිය ඉදිරපිටත් සිය දරැවන් දෙදෙනාද තුරැලු කරන් ඇය මහපාරේ වාඩි වී ඉල්ලා සිටියේ ඇගේ සැමියා මධුෂ්කව හොයා දෙන ලෙසය. මයුරිගේ සැමියා, දරැවන් ගේ අාදරණීය පියා පිළිබද කිසිදු තොරතුරක් නොමැතිව ඔවුන් ගත කරන පීඩාකාරී,අසරණ ජීවිතය පිළබද සැවොම නිහඩය. ආශ්චර්යමත් රටේ, ආඩම්බරකාර තාත්තාගේ අදිකරණයත්, පොලීසියත් බකංනිලා ගෙන හිටියා මිසක් ඇයගෙන් කිසිදු දෙයක් විමසීමටවත් පැමිණියේ නැත. ඒ තරමටම ඒ පද්ධතියම කාලකන්නිවී අැත. 
 
නමුත් මයුරිත්, මයුරිගේ සමීපතමයනුත්, කුඩා දරැවන් දෙදෙනාගේ තාත්තා හොයන එක කිසිදු විටකදී අත්නොහරින බව පවසයි.
 

 

Last modified on Saturday, 08 November 2014 12:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us