රාජපක්ෂ කළ යුත්තේ වසර දෙකක් ඉවසීමය

Saturday, 08 November 2014 11:01
ජාතියක් අයාලේ යැවීමට ( වැරදියට පාලනය කිරීම) අවශ්‍ය පළමු සර්ව-විරෝධීනාශකය වනාහී,  ව්‍යවාහාර මුදලේ උද්දමනයය. දෙවැන්න යුද්ධයය.  මෙම දෙකින්ම තාවකාලික සමෘද්ධිය ලබාදෙන අතර දීර්ඝකාලීන විනාශය ලැබේ. නමුත් මෙම දෙකම  දේශපාලන සහ ආර්ථික අවස්ථාවාදීන්ට රැකවරණය ලබාදේ.
 
 - ආර්නස්ට් හෙමිංවේ ( මීළඟ යුද්ධය ගැන සටහන් -  සැප්තැම්බර් 1939)
                                                                                                             
                              නිලන්ත ඉලංගමුව
 
ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම අවස්ථාවේදී ඇති වඩාත් වැදගත්ම උපක්‍රමය වනාහී තවත් වසර දෙකකට පසු නියමිත කාලය එළඹී පසු මැතිවරණයකට යෑමය. ඔහුට, ඔහුගේ බලය රැක ගැනීම සඳහා අතිශය ඉහවහ ගිය කෑදරකමක් තිබේනම් ඔහුට ඇති දෙවන සහ වැදගත්ම විසඳුම වනාහී ජනමතවිචාරණයකට යාමය.නමුත් එය ජාතික වශයෙන් කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් රට තවදුරටත් හුදෙකලා කිරීමකට මාර්ගය පාදනු ඇත. මන්ද ජනමතවිචාරණයකින් ඔහුගේ ජය නිශ්චිත වුවද ඊට එරෙහි මතවාදය පුළුල් වනු ඇත.
කෙසේ වෙතත්, නියමිත කාලය පැමිණෙන තෙක් සිටීම සහ ඉන්පසු මැතිවරණයකට යාම මඟින් මහින්ද; මහින්දට අවස්ථාවක් ලබා දෙනු ඇත. එනමුත් ඔහු සිදුකරමින් සිටින්නේ තම බලය බලෙන් රැක ගැනීම සඳහා වූ උත්සහයකය. එළඹෙන මැතිවරණයේදී ( එවැන්නක් පැවැත් වුවහොත්) රාජපක්ෂ අතිවිශාල ධනස්කන්දයක් වියදම්කොට රට තවදුරටත් ආර්ථිකමය වශයෙන් අඩපන කරනු ඇත. එය අනෙක් පාර්ශවයට, ඔහුට එරෙහි විරෝධය සඳහා මහඟු පිටුවහලක් කරගත හැකිය. එසේම ජාත්‍යන්තර වශයෙන් ඔහු තවදුරටත් හුදෙකලා කළ හැකිය. ඔහු හුදෙකලා කිරීම සඳහා ඔහු විසින්ම හේතු සකස් කරගැනීම, හදිසි මැතිවරණයක් කැඳවීමෙන් පෙන්නුම් කරන මුලික දුර්වල ලක්ෂණය වේ.
 
නිලවශයෙන් තවමත් එවැන්නක් ප්‍රකාශයට පත් කොට නැති බව සැබෑය. නමුත් හෙතම එවැන්නක් වෙත තල්ලු නොවේ; යැයි සිතීමේ අවකාශයක්ද නැත.
 
මන්ද රාජපක්ෂ විශ්වාස කරනු ලබන මුලික අදහස වූකලී තවත් වසර දෙකකින් පසු තමන්ට ජය ගැනීමට හැකි වාතාවරණයක් ඇති නොවිය හැකි බවය. මෙය සැබවින්ම මුලාවක් සේම මනෝමුලික ව්‍යකූලභාවයකි. ඔහුගේ කේන්ද්‍රකරුවා මෙම ව්‍යාකූලභාවය තවදුරටත් සංකීරණ කොට එය විශ්වාශයක් බවට පෙරලා ඇත.
 
ව්‍යකූලබාවයේ මුලික රෝග ලක්ෂණය වනාහී ඉවසීම නැති වීමය. එවිට තමන් තමන්ට දක්වන ගරුත්වය වෙනුවට තමන් විසින් විශ්වාශ කිරීමට බලකෙරෙන යමක් වෙත තමන්ගේ ස්වාධීනත්වය වෙන්දේසී වේ. ලංකාවේ බොහොමයක් රාජ්‍ය පාලකයින් සේම රාජපක්ෂද මීට ගොදුරු වී සිටින්නේය. ජනාධිපති ආර්. ප්‍රේමදාසට පසු මෙවැනි තත්වයකට වඩාත් ගැඹුරු ලෙස ගොදුරු වූ නායකයා රාජපක්ෂ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
 
මෙවැනි තත්වයක් යටතේ තමන්ට ජනතාව ලබාදුන් වරමට වඩා වෙනත් යමක් කෙරෙහි විශ්වාශය තබා එය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීම පමණක් ශේෂය ලෙස රටට ලැබේ.
 
ආර්නස්ට් හෙමිංවේ වඩාත් නිවැරදිව සඳහන් කළ ආකාරයට,  රටක් අඝාදයට ඇදදැමීම සඳහා පාලකයෙකු සතු විය යුතු සියලු කුශලතා මෙරට ජනාධිපතිවරයාටද ඇත්තේය. මේ අනුව බලන කළ රටේ දක්නට ලැබෙන තාවකාලික “සමෘද්ධිය” එනම් තෙත්බිම් උද්‍යාන ඉදිවීම ආදී විවිධ මාදිලියේ ඇතුලත කුණුකළ දෙයක පිටත ආවරණය වෙනස්කොට ආලෝකවත් කිරීම මඟින් පාලකයා සැඟවීමට උත්සහ කරන යථාර්ථයක් තිබේ. එහි වන්දිය ගෙවීම සඳහා රටට තවත් දීර්ඝ කාලයක් අරගලයේ යෙදීමට සිදුවනු ඇත.
 
රාජපක්ෂ එය අවබෝධකරගෙන ඇති නමුත් ඔහුට මෙය වඩාත් ක්‍රමෝපායිකව හැසිරවීමට අවශ්‍ය ඉව පිහිටා නැත. මෙනිසා ඔහු විසින් හදිසි මැතිවරණයක් ප්‍රකාශ කිරීම වූකලී ඔහුගේ අවසානය ඔහුවිසින්ම කඩිනම් කර ගැනීමකි. නමුත් එහි ඇති අවාසනාව වන්නේ එමඟින් රටේ ජනතාවට වඩාත් විශාල වන්දියක් ගෙවීමට සිදුවීමය.
 
මන්ද තවත් වසර දෙකකින් පසු වියදම් කළ යුතු විශාල ධනස්කන්දයක් රාජපක්ෂ තම තෘෂ්ණාව නිසා වසර දෙකකට පෙර වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේය. එය පියවීම සඳහා රටේ සමස්ථ ජනතාවට වන්දි ගෙවීමට සිදුවනු ඇත. රටේ ආර්ථික විෂමතාවය එමඟින් තව තවත් වර්ධනය වන අතර රටේ සාමාන්‍ය  ජනතාවට ඉතිරිවන්නේ කොඳු නාරටියට බඩේ හම ඇලෙනතෙක් දුෂ්කර ක්‍රියාවේ යෙදීම පමණි.
 
නමුත් රාජපක්ෂ මැතිවරණය පැවැත්වීම අමතක කොට දමා එම මුදල රටේ  ඇතිවී ඇති තීරණාත්මක ගැටලු විසඳීම සඳහා භාවිතා කොට පවතින දේශපාලන සහ ආර්ථික තත්වය යහමඟට ගැනීම සඳහා ක්‍රමවත් සහ බුද්ධිමත් වැඩපිළිවෙලකට තල්ලු විය හැකිනම් එය ආකර්ශනීයය. එසේම ඔහුට එරෙහිව පවතින බොහොමයක් චෝදනාවලට යහපත් ප්‍රතිචාරයක් එමඟින් ඇති වී, ගැඹුරු වැඩපිළිවෙලකට තල්ලු විය හැකිය. ඔහුට එය මනා ලෙස තම දේශපාලන ප්‍රතිරූපය සඳහා භාවිතා කළ හැකිය.
 
විශේෂයෙන්ම පශ්චාත්-යුධමය වාතාවරණයක් යටතේ පසුවන ශ්‍රී ලංකාව සීග්‍ර වශයෙන් වෙනස් වෙමින් පවතී. මෙනිසා තවත් වසර දෙකකින් පසු උදාවන කාලය වූ කලී නව දේශපාලන අදහස් සහ ජාත්‍යන්තර වශයෙන් ලංකාව සම්බන්ධයෙන් ඇතිවන මතවාදයන් සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. එසේම කලාපීය සහ ජාත්‍යන්තර පරිසරයද සැලකිය යුතු වශයෙන් වෙනස් වනු ඇත. මෙම වටපිටාව හමුවේ රාජපක්ෂ තම බිය මුලික කොට ගනිමින් සිතන දේශපාලනයෙන් නික්ම ගොස් හේතු ඵලවාදී දෘෂ්ඨියකට පිවිසෙන්නේනම් පවතින තත්වය සීග්‍රයෙන් වෙනස් වනු ඇත.
 
එනමුත් රාජපක්ෂ එවැනි යථාර්ථයක් තේරුම් ගැනීමට හැකි මට්ටමේ නිරවුල් මනසිකින් නැතිබව සෑම මොහොතක් පාසාම පෙන්වමින් සිටින මුලික කාරණයකි. අවස්ථාවාදීන් තමන්වටා එකතු කරගැනීමේ විපාකය මෙයයි.
 
 තම ජනබලය මිත්‍යා දෘෂ්ඨියකට නතු වීමෙන් ඇතිවන විපාකය අතිශය අමිහිරි සහ අවලස්සනබව අමුතුවෙන් කිවයුතු නොවේ. රාජපක්ෂ සැබෑ ලෙස සිරවී සිටින්නේ ඔහු විසින් නිර්මාණය කරගත් ඔහුගේම උගුලකටය.
 
මේ හමුවේ රටේ ජනතාවට වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු සහ අතිශය පරෙස්සමින් කටයුතු කළ යුතු කාලයක් උදා වී තිබේ.
 
 

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us