News Items (18842)
මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බව සහ දෙවන ධුර කාලය අවුරුදු 4 සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සභා ගත නොකිරීම බලවත් සැකයකට තුඩු දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (12දා) පැවැත්වූ සමුළුවට බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සහභාගී වූයේ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් නොවන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පැවසිය.
මංගල සමරවීර ආණ්ඩුවට යයිද? නොයයිද? කියන ප්‍රශ්නයක් පසුගිය දිනවල බොහෝ දෙනෙක් අතර තිබිණ.
එක්සත් රාජධානියේ ප්‍රමුඛතම ගීත දර්ශකය ' Music Week Chart 'ය. මේ වනවිට එහි 20 වන ස්ථානයට පත් වී ඇත්තේ ලාංකික තරුණියකගේ ගිතයකි. එම ගීතය ' Free ' නමින් හඳුන්වයි. ගීතයේ හිමිකාරිය වන්නේ ලංකාවේ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිණියක වන ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය වන සේනානි විජේසේනය.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දා සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2756 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කල යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නොවැම්බර් 18දා ආණ්ඩුවෙන් ඉවත්වීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇත.
