පරාජිතයෙක්ව ගෙදර යාමට සූදානම් වන්න-රතන හිමි

Published in පුවත්
Thursday, 13 November 2014 09:34
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාජිතයෙක්ව ගෙදර යැවීමට කටයුතු කරන බව අතුරලියේ රතන හිමියන් පැවසුවේය.ඒ ‘ඒකාධිපති බලතල අහෝසි කරන දූෂණයට වැට බඳින ජන රැල්ල’ මැයෙන් විපක්ෂයේ ඒකාබද්ධ පක්ෂ සහ අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වුණු ජනරැළිය අමතමිනි.
 
උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මේ රට දක්කා ගෙන ගියේ කැසිනෝ ආර්ථිකයකට බවත් පවතින ව්‍යාපාර පවුලේ ව්‍යාපාර මිස ජාතික ආර්ථිකයක් නොවන බවයි.
 
එසේම මේ රට දැන් චීන කොලනියක් බවට පත්ව ඇති බවත් කිසි ලෙස ජාතික ආර්ථිකයක් සදහා ක්‍රියාකාරීත්වයක් නොමැති ආණ්ඩුවක් බවත් එවැනි ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවත් සදහන් කර සිටියේය.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු නායකයන් පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ද රැළියට එක්වී සිටියහ.
 
 ජනමතය නොසලකා ආණ්ඩුව 19 වන සංශෝධනය සම්මත නොකරන්නේ නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට සිදු වනු ඇති බව අතුරලියේ රතන හිමියෝ, අවධාරණය කළහ.
ජනාධිපතිවරණය පවත්වන බවට නිවේදනය කළ විට ආණ්ඩු පක්ෂයේ සිට මන්ත්‍රීවරුන් විපක්ෂයට පැමිණෙන බවද රතන හිමියෝ පැවසූහ.
 
රැලිය අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ විධායක ජනාධිපතිකම අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුක්‍රමයක් බිහිකිරීම සදහා සියල්ලන්ම එක්විය යුතු බවය.
 
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර සහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමට විරෝධය පළ කරන බව පැවසෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් රැළියට එක්ව සිටිය‍ේය.
64369 406323062858781 7342677239598366689 n
 
1459227 406322866192134 6332173739822490798 n
 
10374479 406322816192139 4638070235260079587 n
 
10382336 406323012858786 3385248414939822031 o
 
 
 
 
Last modified on Thursday, 13 November 2014 10:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us