ජනපතිගේ උපන්දිනදා හෙළ උරුමය ඉවතට Featured

Published in පුවත්
Thursday, 13 November 2014 10:49

ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කල යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නොවැම්බර් 18දා ආණ්ඩුවෙන් ඉවත්වීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ උපන්දිනය හා ජනාධිපති පදවි ප්‍රාප්තිය දී ඇත්තේ නොවැම්බර් 18 දාය.

ජනාධිපතිවරණයකදී කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳ ජාතික හෙළ උරුමයේ අවසන් තීරණය ඉදිරි දින පහ ඇතුළත ප‍්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.


මේ අතර, සන්ධානයේ මහ ‍ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කලේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජාතික හෙළ උරුමය අතර පැවැත්වෙන සාකච්චා අවසන් වී නැති අතර ඉදිරි දින දෙක තුන තුළදී සාකච්ඡා අවසන් කර එකඟතාවකට පැමිණෙන බවයි.


දේශපාලන පක්ෂයක් තුළ විවිධ මත දරන පුද්ගලයින් සිටිය හැකි බවත් එම කිහිප දෙනා දරන මතය පක්ෂයේ මතය නොවන බවත් එහිදී පැවසු ඇමතිවරයා,
මේ වන තෙක් හෙළ උරුමය සමග පැවැත් වූ සාකච්ඡා ඉතා සුබවාදී බවද කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us