මෙහිදී ජාතික හැදුනුම්පත් 487 ක් නිකුත් කිරීමට හැකිවු අතර උප්පැන්න සහතික 292 ක් නිකුත් කිරීමට හැකිවිය.
අද (නොවැ 12 ) දිනයේ ද මෙම ජංගම සේවාව ඌව පරණගම ප්‍රා.ලේ කාර්යාලයේදී පැවැත්වෙන අතර නොවැ 14 වන දින මෙම ජංගම සේවාව හපුතලේ ප්‍රා ලේ කාර්යාලයේදී පැවැත්වෙයි.
මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මහජනතාව දැනුවත් කිරීමේ සතියට සමගාමීව කැෆේ සංවිධානය , ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව බදුල්ල දිස්ත්‍රික්කයේ මෙම ජංගම සේවා පවත්වනු ලබයි.
2014 ඡන්ද හිමි නාමලේඛණයට අනුව ඉදිරියේ දී පැවැත්වෙන කුමන හෝ ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින් ලක්ෂ 4 කට ඉදිරි මාස දෙකක කාලය තුල හැදුණුම්පත් ලබාදීය යුතුව ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ දී නොවැම්බර් 10 දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සහ මැතිවරණ නිරීක්ෂකයින් පැවැත්වූ සාකච්ඡාවේ තීරණය වූවේ මේ සදහා දිවයින පුරා ජංගම සේවාවන් පැවැත්වීමටය.
බදුල්ල දිස්ත්‍රික්කයේ අදියර තුනකින් ජාතික හැදුණුම්පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්යේ 9800 දෙනෙකුට හැදුණුම්පත් ලබාදීමට කැෆේ සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
සායනයේ දී හැදුණුම්පත් ලබාදීම සදහා මුද්දර ගාස්තු, ඡායාරූප සදහා යන වියදම්, සහ උප්පැන්න සහතික ලබාදීම සදහා යන වියදම් ද කැෆේ සංවිධානය විසින් දරනු ලබයි. ජනතාවට අවශ්‍ය සියලු සේවාවන් අද දින නොමිලේ සපයන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.