News Items (18842)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත සත්‍යග්‍රහයක්
පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමය. නමුත් ඊට එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් (Algordanza) විසින් හදුන්වා දී ඇත. මෙය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ලෙස හැදින්විය හැකිය. මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය ඒවා බවට පත්වනු ඇත.
කිසිම දේශපාලන පක්ෂයකට නොයන මුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට කැපවන බව බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවේය.
54 වැනි වරට පැවැත්වූ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ජය පොටෝ රිකෝ රට නියෝජනය කළ‚ 21 හැවිරිදි වැලේරි හර්නැන්ඩස් දිනාගත්තාය. පසුගියදා ජපානයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ Miss International 2014 තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාව නියෝජනය කළ සුලේයිකා සුආරෙස් විසින් ද, තෙවන ස්ථානය තායිලන්ත ජාතික පුනිකා කුල්සෝනටොර්නරුට් විසින් ද දිනාගනු ලැබීය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර නෛතික අවබෝධතා ගිවිසුමකට ලබන සඳුදා (17දා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවෙයි.
පොදු අපේක්‍ෂකයා කවුද යන්න රටට හෙළි කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසු දින සිදු කරන බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් පැවැසීය.
