සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත සත්‍යග‍්‍රහයක්

Published in පුවත්
Friday, 14 November 2014 14:39
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරුණු මැලේරියා මර්දන ව්‍යාපෘතියක ඉසීම් යන්ත‍්‍ර කි‍්‍රයාකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් පිරිසක් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී අද (14) උදෑසන සත්‍යග‍්‍රහයක නිරත වුයේය.
 තම සේවය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එසේ සත්‍යග‍්‍රහයක නිරත වුණි.
ඔවුන් ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරුණු  GFATM ව්‍යාපෘතිය යටතේ තමන් අනුරාධපුර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තෙවසරකට වැඩි කාලයක් සේවය කළ බවයි.
 
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා හදිසියේම තම සේවය අවසන් කළ බවට ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලිපියක් මගින් දැනුම් දී ඇත.
 
මැලේරියාව සහ ඩෙංගු මර්දනය කිරීමට ගත වූ තෙවසරක කාලයේ කැපවීමෙන් කටයුතු කළ තමන්ගේ සේවය මෙලෙස අත්හිටුවීම අසාධාරණ බව ඔවුහු සදහන් කරති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us