කඩිකුලප්පුවට ව්‍යවස්ථාව සංශෝධනය බැහැ

Published in පුවත්
Saturday, 15 November 2014 10:58

රටේත් ජාතියෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් වැදගත්ම ලියවිල්ල වන ව්‍යවස්ථා සංශෝධනය ආවට ගියාට, කඩිකුලප්පුවට, මැතිවරණ ළං වන විට කළ හැකි දෙයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ උතුරු හා කඳුරට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උළෙලට ගලගෙදර දී ක්‍රීඩාංගණයේ දී ඊයේ (14) එක්වෙමිනි.

ජනාධිපතිවරයා  තව දුරටත් මෙසේද පැවසීය.

ජනතා මතයට ගරු කරන, බහුතර මතයට හිස නමන ආණ්ඩුවක් වුවත් රටේ ස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් ඕනෑ විටෙක සෘජුව පෙනී සිටිනවා. රට ඉදිරියට යන ගමනට කකුල් මාට්ටු දමන්නට කිසිවකුටත් ඉඩ තබන්නේ නෑ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අද බොහෝ දෙනාගේ සටන් පාඨයක් වී ඇති තිබෙනවා .කවුරු වේදිකාවල කෑගැසුවත් මා ඒ වෙනුවෙන් තේරීම් කාරක සභාවක් පත් කර අවශ්‍ය කටයුතු කෙළේ වසරකටත් පෙර යි. එහෙත් ආණ්ඩුවේ පක්ෂ හැර විපක්ෂයේ කිසිදු පක්ෂයක් එම සභාවට සහභාගී වුනේ නැහැ. ඊට සහභාගී වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට කී විට දෙමළ ජාතික සන්ධානයත් නැති නිසා සහභාගී වීම ප්‍රතික්ෂේප කළා.

විධායකට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වසරකට උඩ දී තේරීම් කාරක සභාවක් පත් කර සාක්ෂි දී වැඩ අරඹා තිබෙන බව මා මාදුළුවාවේ සෝභිත හිමියන්ටත් දැනුම් දුන්නා. විධායක ජනාධිපති ක්‍රමයෙන් රට පාවා දෙන විට, පොලිස් නිලධාරීන්ට කොටින්ට යටත් වන ලෙස නියෝග දෙන විට මේ කිසිවකුත් ඒ ගැන කතා කෙළේ නැහැ. එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටින්ට මුදල්, ආයුධ දෙන විට රනිල් වික්‍රමසිංහත් නිහඬව සිටියා. ඔවුනුත් එහි වගකීම භාර ගත යුතුයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නට වසර දෙකක් පමණ කාලය ගත වුවත් ‍‍ජේ. ආර්. ජයවර්ධන මහතා සුළු කාලයකින් ව්‍යවස්ථාවක් සැකස් කළා.  එදා 13 වැනි සංශෝධනය සම්මත කර ගත්තේ හෙලිකොප්ටරයෙන් කොළඹට ගෙන්වාගත් මන්ත්‍රීවරුන් තරු හෝටලවල නතර කරවා පනත කියවීමටවත් නොදී මෙන්.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් පිටරට සිට හොල්මන් කරන කොටින්ට මෙන්ම 13 වැනි සංශෝධනයටත් සිදු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා එසේ වුවහොත් අස්ථාවර ආණ්ඩුවක් ඇති වී සංවර්ධනය කඩාකප්පල් වීමත් රට බෙදීමත් සිදුවෙනවා. විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීම ජනතා නියෝජිතයන් සිටින පාර්ලමේන්තුවට අයත් කාරණයක් බව මා ඒ පිළිබඳ විමසූ ලෝක නායකයන් ඇතුළු සියලු දෙනාටම දැනුම් දී තිබෙනවා.

විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන ත්‍රිත්තවය ඒවායේ බලතල එකිනෙකාගෙන් උදුරා නොගත යුතුයි. එසේ වන්නේ නම් ජනමත විචාරණයක් පැවැත් විය යුතු බවටත් ඇතැමුන් දුන් තීන්දු අද ඔවුන්ටම අමතක වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු ම කීවත් ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට මා කටයුතු කෙළේ නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් හා ජනමත විචාරණයකින් විධායක ජනාධිපති ක්‍රමය එපා කීවොත් ඒ අනුව කටයුතු කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂයත් අගමැති දි. මු. ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. බී. දිසානායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන අබ්දුල් කාදර්, අර්ල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us