'වැඩකළත් වැඩක් නැහැ'

Published in පුවත්
Saturday, 15 November 2014 11:00

කැපවීමෙන් වැඩකරන කිසිවෙකුට ඇගයීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රිලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. 

ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හොඳම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඇගයීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.



එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ  රජයේ සේවයේ පමණක් නොව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද මෙම තත්වය උදා වී ඇති බවයි. රාජකාරී කටයුතු පැහැර හරින, රාජකාරියට පරිබාහිර කටයුතු පමණක් සිදුකරන අය නිරන්තරයෙන් ඇගයීමට ලක්වන බවයි.

ආණ්ඩුවේ ඇතැම් කටයුතු මෙවනවිය මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය වරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇත.


මෙතෙක් කලක් ඇමති ධූරයේ සිටිමින් කිසිවක් ප්‍රකාශ නොකර සිටී බොහෝ ඇමතිවරු මේ වනවිට තමන් මුහුණ දී සිටී ඇත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා, මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා, රාජිත සේනාරත්න ඇමතිවරයා, පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඇතුළු බොහෝ පිරිසක් මේ අතර සිටිති.

මේ  අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජිත ඇමතිවරයා ප්‍රකාශකර සිටියේ තමන් ඇමතිධූරය අතහැර දැමීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us