වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි සහකාර දෙවැනි ශ්‍රේණිය සඳහා පසුගියදා පත්වීම් ලබා දෙනුලැබූ නිරධාරීන් පිරිසකගේ පිරිසකගේ පත්වීම් අහෝසි කර එම පත්වීම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හිතවතුන් පිරිසකට ලබා දීමට කටයුතු කෙරෙමින් යන බව වාර්තා වේ.

ආණ්ඩුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් මන්ත්‍රීවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 1500 ක්ද  රුපියල් ලක්ෂ 500 ක් හා වාහන බලපත්‍රය බැගින්ද ලබාදී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන මහතා පවසයි.
ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මේ වන විටත් තම්ල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටින බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 
සර්ප විෂට ලබාදෙන එන්නත ලබා දුන්නත් රෝගීන් මිය ගොස් තිබෙන බවට මහියංගණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

2015 ලෝක කුසලානය අවසන්වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත්කර තිබේ.

පිරිමි වොලිබෝල් තරගාවලියක් නැරඹීමට සහභාගී වූ ඉරාන ජාතික කාන්තාවකට එරට අධිකරණය විසින් සිරදඩුවමක් නියම කර අැත.

ශ‍්‍රී ලංකාවේදී මරණ දඩුවම නියමවු ඉන්දීය ධීවරයින් පස් දෙනා සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ‍්‍රී ලංකා අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර අැත. කොළඹ මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරියේදී විභාගයට ගැනීමට සුදනම් බවද හින්දු පුවත් පත වාර්තා කළේය. 

ජාතික සංවිධාන එකමුතුව රැළියට ජාතික හෙළ උරුමය හෝ චම්පික රණවක සහභාගි නොවන බව එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නිවේදනයක් මගින් දන්වා සිටියි.

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති මහින්දගේ ජය වෙනුවෙන් පාඨලී,දිනේෂ්, විමල් එකම වේදිකාවකට යන සිරස්තලය යටතේ පළ වූ මාධ්‍ය වාර්තාවන් දැක විමතියට පත් වු බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සදහන් කරයි.

තම ෆේස්බුක් ගිණුම තිසියම් පිරිසක් විසින් හැක් කර ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සතියකට ආසන්න කාලයක් විදේශගතව සිටි එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා අද (12) පෙරවරුවේ යලි දිවයිනට පැමිණ ඇත.

Connet With Us